කොළඹ වරාය සම්මාන රාත‍්‍රිය

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සම්බන්ධීකරණයෙන් සහ කොළඹ වරායේ, JCT, SAGT හා CICT යන පර්යන්ත එක්ව සංවිධානය කරන ‘‘කොළඹ වරාය සම්මාන රාත‍්‍රිය – 2018’’ දී මෙවර පැවැත්වෙන්නේ ප‍්‍රථම වතාවටය.

‘‘කොළඹ වරාය සම්මාන රාත‍්‍රිය – 2018’’ එළැඹෙන සඳුදා දිනයේ එනම්, 2018 ජූලි මස 23 වන දා පස්වරු 6.00 ට කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ දී උත්කර්ශවත් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සම්බන්ධීකරණයෙන් මෙම සම්මාන රාත‍්‍රිය ජයබහළු පර්යන්තය (JCT), සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් හෙවත් SAGT පර්යන්තය හා කොළඹ ජාත්‍යන්තර බහළු පර්යන්තය හෙවත් CICT පර්යන්ත ඒකාබද්ධව සංවිධානය කරනු ලබයි.

මෙහි ප‍්‍රධාන අමුත්තා වශයෙන් වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහභාගී වේ. තවද, නාවික වෙළෙඳ ක්‍ෂේත‍්‍රයේ දේශීය හා විදේශීය මුල් පෙළේ සාමාජිකයින් ද සහභාගී වීමට නියමිත ය.

වර්තමානයේ දී කොළඹ වරායේ දී ප‍්‍රධාන නෞකා ජාල 22ක ද (Main Lines), පෝෂක නෞකා සේවා 08ක (Feeder Services) ද නෞකා මෙහෙයුම් කටයුතු සිදු වේ. 2018 කොළඹ වරාය සම්මාන රාත‍්‍රියේ දී මෙම නෞකා සමාගම් හා ජාලයන්ගේ සේවාවන් තුළින් කොළඹ වරාය මෙහෙයුම් ධාරිතාව වර්ධනය වීම හා ඒ තුළින් ශ‍්‍රී ලංකාව වෙළෙඳ නාවික මධ්‍යස්ථානයක් ලෙසට පත්වීමට දක්වන ලද දායකත්වය අගය අගය කරමින් මෙම සම්මාන රාත‍්‍රියේ දී සම්මාන පිරිනමයි.

ජාත්‍යන්තරව හඳුනාගත් දර්ශකයන්ට අනුව කොළඹ වරාය මේ වන විට ලෝකයේ හොඳම බහලූ වරායන් අතර 23 වන ස්ථානයේ ද, ලෝකයේ හොඳම ජාලගත වරායන් අතර 13 වැනි ස්ථානයේ ද පසුවේ.

Leave a Reply

*

four − 4 =