ශ‍්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනී ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සංචාරයක නිරතවේ

ශ‍්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනී අතිගරු චූලාමනී චාහාර්ත්සුවාන් ( Hon Chulamanee Chartsuwan) මැතිණිය අද දින (2018.05.22* ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පැමිණියා ය. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වැඩබලන සභාපති පී.ජී.දසනායක මහතා විසින් තානාපතිනිය ඉතාමත් සුහදව පිළිගැණිනි.

ඉන්පසු දෙරටේ වරායන් අතර ඓතිහාසික සබඳතා පිළිබඳව හා නාවික සමුද්‍රීය ඉතිහාසය පිළිබඳව නියෝජිත පිරිස අදහස් හුවමාරු කෙරිණි. මෙම අවස්ථාවේ දී සිය අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වැඩබලන සභාපති පී.ජී.දසනායක මහතා විසින් වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ වරාය ක්‍ෂේත‍්‍රයේ ලබා ඇති දියුණුව පිළිබඳව තානාපතිනිය දැනුවත් කළේ ය. එමෙන්ම, අන්තර්ජාතික වෙළඳ හා නාවික ක්‍ෂේත‍්‍රයේ දෙරටේ වරායයන්ගේ දායකත්වය ද එහිදී අවධානයට ලක් කෙරිණි. විශේෂයෙන්ම අන්තර්ජාතික Alphaliner වර්ග කිරීමට අනුව ලෝකයේ හොඳම බහලූ වරායයන් 50 අතර (Top 50 worlds container ports ) තායිලන්තයේ බැංකොක් වරාය (Leam chabang) 20 වන ස්ථානයේ ද කොළඹ වරාය 23 වන ස්ථානයේ ද ශ්‍රේණිගත කොට තිබීම ද දෙරටේ වරායන් අතර ඉදිරි සංවර්ධන අපේක්‍ෂාවන් වෙනුවෙන් අවධාරණයට පත් කෙරිණි.

එමෙන්ම, වරාය හා නාවික ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතාගේ නිරික්‍ෂණය යටතේ මේ වන විට ශ‍්‍රී ලංකාවේ වරාය හා නාවික ක්‍ෂේත‍්‍රය තුළ සිදුව ඇති ඵලදායි වෙනස්කම් පිළිබඳව ද වැඩබලන සභාපතිතුමන් විසින් තානාපතිතුමිය දැනුවත් කිරිණි.

මෙහිදී ශ‍්‍රී ලංකාවේ වරාය ක්‍ෂේත‍්‍රයේ වත්මන් ප‍්‍රවනතා හා අනාගත සැළසුම් පිළිබඳව ද ඉදිරිපත් කිරීමක් ද සිදු කෙරුණු අතර අවසානයේ දී වරාය පරිශ‍්‍රයේ නිරික්‍ෂණ චාරිකාවකට ද නියෝජිත පිරිස එක්විය. මෙම සාකච්ඡුාව සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් උපුල් ජයතිස්ස – ප‍්‍රධාන කළමණාකරු (අලෙවි හා ව්‍යාපාර ප‍්‍රවර්ධන), නලින් අපොන්සු – ප‍්‍රධාන කළමණාකරු (සන්නිවේදන හා මහජන සම්බන්ධතා) චන්ද්‍රිකා නලීර් – අතිරේක ප‍්‍රධාන කළමණාකාරිණි (පරිපාලන) යන මහත්ම මහත්මීන් සහභාගී වීය.


ඡුායාරූපය :

(වම්පස සිට) ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක ප‍්‍රධාන කළමණාකාරිණි (පරිපාලන) – චන්ද්‍රිකා නලීර්, ප‍්‍රධාන කළමණාකරු (සන්නිවේදන හා මහජන සම්බන්ධතා) නලින් අපොන්සු, ප‍්‍රධාන කළමණාකරු (අලෙවි හා ව්‍යාපාර ප‍්‍රවර්ධන) උපුල් ජයතිස්ස යන මහත්ම මහත්මීන් හා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වැඩබලන සභාපති පී.ජී. දසනායක මහතා හා ශ‍්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි අතිගරු චූලාමනී චාහාර්ත්සුවාන් මැතිණිය හා නියෝජිත පිරිස ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සංචාරය අතරතුර.

Leave a Reply

*

eleven + eleven =