කොළඹ වරාය ලෝකයේ දෙවන ඉහළම වර්ධන අනුපාතය වාර්තා කරයි.

Alphaliner වාර්තා වලට අනුව කොළඹ වරාය පසුගිය වසරට සාපේක්‍ෂව 2018 පළමු කර්තුවේ බහලූ මෙහෙයුම් 16.2% ක වර්ධනයක් පෙන්නුම් කරයි. මෙය 2006 වසරට සාපේක්‍ෂව ගත්කළ 8.3% ක කැපී පෙනෙන වර්ධන වේගයකි. මෙය කොළඹ වරාය ලැබූ සුවිශේෂි ජයග‍්‍රහනයක් වන්නේ 16.5% ක වර්ධන අනුපාතයක් පෙන්නුම් කරන සිංගප්පූරු වරායට පමණක් දෙවනි වීම තුළිනි.

ඇල්ෆා ලයිනර් වාර්තාවලට අනුව Alphaliner global Port rankings බහලූ මෙහෙයුම් වරායයන් අතර පළමු ස්ථානයේ පසුවන සිංගප්පූරු වරාය 16.5% වර්ධනයක් පෙන්නුම් කරන අතර, දෙවැනි ස්ථානය 16.2% ක වර්ධනයකට හිමිකම් කියන කොළඹ වරායට ද, තෙවැනි ස්ථානයේ (11.6% චීනයේ සියාමෙන් (Xiamen) වරායට ද, සිව්වැනි ස්ථානය බෙල්ජියමේ ඇන්ට්වීප් (Atwerp) – 10.7% චීනයේ නින්ග්බෝ
(Ningbo) – 10.4%* පස්වන ස්ථානය ද හිමිකර ගෙන ඇත.

ලෝකයේ වරාය වර්ගීකරණයේ දී 23 වන ස්ථානය හිමිකර ගත් කොළඹ වරාය තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් කොළඹ වරාය තුළ ක‍්‍රියාත්මක ප‍්‍රධාන පර්යන්ත ත‍්‍රිත්ත්වය වන JCT, CICT සහ SAGT යන පර්යන්ත සමග සාමුහික ගිවිසුමට අත්සන් කිරීම ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පසුගියදා සිදුකරන ලදී. මෙම නව සාමුහික ගිවිසුම යටතේ පර්යන්ත ත‍්‍රිත්වය සාමුහිකව බහලූ මෙහෙයුම් කටයුතු ක‍්‍රියාත්මක කරනු ලබන අතර, මෙහෙයුම් කටයුතුවල කාර්්‍යක්‍ෂමතාවය වර්ධනය කර ගැනීම මගින් සියලූ බහලූ

-මෙහෙයුම් සේවාවන් වෙත කාර්්‍යක්‍ෂම හා ඵලදායි සේවාවක් ලබා දීමට ද අපේක්‍ෂිත ය. වත්මන් රජයේ වරාය හා නාවික ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමාගේ විශිෂ්ඨ නායකත්වයත්, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතාගේ නිසි කළමණාකාරීත්වයත් වරාය මෙහෙයුම් ක‍්‍රියාවලියට සම්බන්ධ සියලූම පාර්ශවයන්ගේ යහපත් දායකත්වය තුළින් ජයබහලූ පර්යන්තය
ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය වසරවලට සාපේක්‍ෂව කඩිනම් සංවර්ධනයන් කරා ලඟා වීමට හැකි වි ය.

2017 වසරේ දී කොළඹ වරාය බහලූ මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයකට එළඹෙමින් බහලූ මෙහෙයුම් මිලියන 6.2 සීමාව ඉක්මවීමට ද සමත්වූ අතර, Drewry වරාය සම්බන්ධතා දර්ශකය අනුව කොළඹ වරාය ලොව විශිෂ්ඨතම සම්බන්ධිත වරායන් 20 අතර 13 වැනි ස්ථානය හිමිකර ගැනීමට ද සමත්විය. 18 වැනි ස්ථානයේ පසුවූ කොළඹ වරාය 2017 සිව්වැනි කාර්තුවේ දී මෙලෙස වරායයන් 5 ක්
අභිභවා මුල්පෙළට පැමිණීම සුවිශේෂිතය තවද, Drewry වරාය සම්බන්ධතා දර්ශකය අනුව කොළඹ වරාය ආසියාවේ විශිෂ්ඨතම සම්බන්ධිත වරාය බවට පත්ව ඇත.

ග්ලෝබල් පෝර්ට් ෆෝරම් විසින් සිව්වැනි වරට පවත්වන ලද සම්මාන උළෙලේ ‘‘2018 වසරේ වරාය අධිකාරිය’’ සම්මානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සමත්වීම විශේෂිත කරුණකි.

Leave a Reply

*

ten + four =