අති සුඛෝපභෝගී Majestic Princess නෞකාව කොළඹ වරායට පැමිණේ

2017 ජුනි 12 වන දින (Majestic Princess) මගී නෞකාව කොළඹ වරායට සේන්දු විය. 2017 අපේ‍්‍රල් 04 වැනිදා සිය ප‍්‍රථම සංචාරය ආරම්භ කළ ඇය අද දින කොළඹ වරායට සිය ප‍්‍රථම ගමන සනිටුහන් කරන ලදී. ඒ වෙනුවෙන් වූ සමරුඵලක හුවමාරුව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා හා නෞකා කපිතාන් ක්රෙයින් ස්ටෙවාට් ස්ටී‍්‍රට් (Craig Stewart Street) යන මහත්වරුන් අතර නෞකාවේ දී සිදු විය. මැජෙස්ටික් ප‍්‍රින්සස් නෞකාවේ අනෙක් සහෝදරියන් වන්නේ රෝයල් ප‍්‍රින්සස් හා රීගල් ප‍්‍රින්සස් යන නෞකා දෙකයි.

මෙම නෞකාවේ 3560 ක සංචාරකයින් ප‍්‍රමාණයක් සඳහා පහසුකම් ඇති අතර, 1346 ක කාර්ය මණ්ඩලයක් සිටී. මෙහි දිග අඩි 1,083කි. අඩි 224ක් උසකින් හා පළල අඩි 126කින් යුතුය. මහල් 19 කින් යුතු නෞකාවේ කාමර 1780ක් ඇත.

මෙම අවස්ථාවේ අදහස් ප‍්‍රකාශ කළ ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා නෞකාවක් පැමිණීම රටට ආර්ථික වාසියක්ම පමණක් නොවන අතර, එය නව රැුකියා අවස්ථා බහුල කිරීමටද හේතුවක් වන බව ප‍්‍රකාශ කළේ ය. මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ – එච්.ඞී.ඒ.එස්.පේ‍්‍රමචන්ද්‍ර, අධ්‍යක්‍ෂ (වරාය මෙහෙයුම්) ජයන්ත පෙරේරා, හාබර් මාස්ටර් – කපිතාන් අතුල හේවාවිතාරණ, ප‍්‍රධාන කළමණාකරු අලෙවි හා ව්‍යාපාර සංවර්ධන/සන්නිවේදන හා මහජන සම්බන්ධතා – උපුල් ජයතිස්ස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ප‍්‍රධාන හාබර් මාස්ටර් – කපිතාන් නිමල් සිල්වා සහ මෝල්ෂිප් (සිලෝන්) සමාගමේ අධ්‍යක්‍ෂ – පයිසර් තාසිම්, විධායක අධ්‍යක්‍ෂ – නිමල් රන්චිගොඩ, සාමාන්‍යාධිකාරි අයි.එස්.මොහිදීන්, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ – මොහාන් පෙරේරා, මෙහෙයුම් කළමණාකරු – ප‍්‍රකාශ් ප‍්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ විධායක – රොහාන් ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්විය.

Leave a Reply

*

20 − 16 =