අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප‍්‍රංශයේ දී කොළඹ වරාය ප‍්‍රවර්ධනයට පියවර ගනී

වරාය හා නාවික ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කොළඹ වරායේ ව්‍යාපාරික ප‍්‍රවර්ධන කටයුතු වෙනුවෙන් පසුගියදා ප‍්‍රංශය බලා පිටත් වි ය. ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා ද මෙම සංචාරයට එක්විය. ඔවුන් ලෝකයේ තුන් වන විශාලතම නෞකා මෙහෙයුම්කරු වන CMACGM ඉහළ කළමණාකාරීත්වය සමග අනාගතයේ දී කොළඹ වරායේ මෙහෙයුම් තුළ සිදුවන සුභදායී වෙනස්කම් පිළිබඳව අදහස් හුවමාරු කෙරිණි. CMACGM සමාගම මේ වන විට ලොව පුරා විශාල නෞකා 493 ක් මෙහෙයවන අතර, ලෝක නැව් භාණ්ඩ මෙහෙයුම් වෙළඳාමේ 11.5%ක හිමිකාරීත්වයක් උසුලයි.

Leave a Reply

*

four × 4 =