“Mein Schiff 5” කොළඹ වරායට පැමිණෙයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනය ඉහළ නංවමින් Hapag Lloyd Lanka සමාගමේ මැදිහත්වීමෙන් සුපිරි සුඛෝපභෝගී මගී නෞකාවක් වන ‘Mein Schiff 5’ අද දින කොළඹ වරායට ලගාවූ අතර ඉන් අනතුරුව හෙට හම්බන්තොට වරායට ගමන්කරනු ඇත.

2,000 කට අධික මගීන් පිරිසක් (වැඩි වශයෙන් යුරෝපීයයන්) සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 900 ක් මෙම නෞකාවේ සිටිති. Aitken Spence Group හි අනුබද්ධිත සමාගමක් වන Hapag Lloyd Lanka, TUI මෙම මගී නෞකාවේ නියෝජිතයා වේ. Mein Schiff 5 අයත් වන්නේ ජර්මානු TUI නැව් සමාගමටය.

Mein Schiff 5 නෞකාව කොළඹ වරායට සහ හම්බන්තොටට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ඒ වෙනුවෙන් අද පෙරවරුවේ කපිතාන්වරයා කාර්ය මණ්ඩලය සහ වරාය නිලධාරීන් අතර සමරු ඵලක හුවමාරු කර ගැනීමේ උත්සවයක් උත්සවාකාරයෙන් කොළඹදීද ඉන් අනතුරුව හම්බන්තොට වරායේදී ද පැවැත්විණි.

Mein Schiff 5, මගී ප්‍රවාහන නෞකාව 2016 දී ඉදිකරන ලද අතර දැනට මෝල්ටාවේ ධජය යටතේ යාත්‍රා කරයි.

පහත පින්තූර අපගේ ජායාරූප අංශය විසින් නෞකාව වරායට ලගාවන අතරතුර ලබාගන්නා ලදී.


Leave a Reply

*

three × four =