Hapag-Lloyd කොළඹ සහ චිතගොං අතර නව පෝෂක සේවාවක් හඳුන්වා දෙයි

ප්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපාරයට වැඩි ද්‍රවශීලතාවයක් ගෙන ඒමේ අරමුණින්  Hapag-Loyd විසින් ශ්‍රී ලංකාවේ කොළඹ වරාය සහ බංග්ලාදේශයේ චිතගොං වරාය අතර නව පෝෂක සේවාවක් ප්‍රකාශයට පත් කර ඇත.

Hapag-Lloyd හි ප්‍රකාශයට අනුව, ජර්මානු සමාගමේ නව Chittagong Colombo Feeder (CCF) සේවාව මගින් චිතගොං සිට කොළඹ හරහා වාහකයාගේ ගෝලීය ජාලය වෙත වේගවත් සම්බන්ධතා සක්‍රීය කිරීමට අපේක්ෂා කෙරේ.

කොළඹ ස්ථාවර නැංගුරම් කාලය සහ ප්‍රධාන මාර්ගවලට අවම සම්බන්ධතා කාලය සමඟ එය බංග්ලාදේශයේ සිට යුරෝපීය සහ එක්සත් ජනපද වෙළඳපල වෙත වේගවත් රිලේ සම්බන්ධතාවයක් ලබා දෙයි,” ලෙස හැම්බර්ග් පදනම් කරගත් බහාලුම් රේඛාව පැවසීය.

බහාලුම් 1,718 ක් රැගත් හන්සා රෙන්ඩ්ස්බර්ග්  නෞකාව සැප්තැම්බර් 30 වන දින සිය පළමු මුහුදු ගමන චිතගොං සිට කොළඹ දක්වා යාත්‍රා කිරීමට අපේක්ෂා කෙරේ. කොළඹට පැමිණීමේ ඇස්තමේන්තුගත කාලය ඔක්තෝබර් 4 වැනිදාය.

පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල

Leave a Reply

*

3 × 1 =