වරාය ඇමති ගාලු වරායේ නිරීක්ෂණ චාරකාවක

ගාලු වරාය සංවර්ධනය කිරීම ජාතික අවශ්‍යතාවක් මිස ආයතනයක්, ප්‍රජාවක්, ප්‍රදේශයක් හෝ කලාපයක් සංවර්ධනය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක් නොවන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු  නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ඔහු පසුගියදා වරාය නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ වරායේ සංවර්ධනය කිරීමට නියමිත අංශ පිළිබඳව සොයා බැලීම සඳහාය.

දිවංගත අමාත්‍ය රිචඩ් පතිරණ මහතා ගාලු වරාය සංවර්ධනය කිරීමට අපරිමිත උත්සාහයක් ගත් නමුත් විවිධ හේතූන් මත එම උත්සාහයන් අසාර්ථක බවද අමාත්‍යවරයා පැවසීය.

“ගාලු වරායේ සංවර්ධනය සාම්ප්‍රදායික ප්‍රවේශයකින් ඔබ්බට ගොස් නවීන ව්‍යාපාර සහ තාක්ෂණික ඥානය ඒකාබද්ධ කළ දැක්මකින් සිදු කළ යුතුයි. ඒ නිසා වරාය කාර්ය මණ්ඩලය එවැනි කටයුත්තකට කැපවිය යුතුයි.ගෝලීය භූ-දේශපාලන සහ නව ව්‍යාපාරික ප්‍රවණතා පිළිබඳව අවබෝධයකින් යුතුව ඔවුන් ව්‍යාපෘතිය දැකිය යුතුයි,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

දර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ගාලු වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයට සමගාමීව අරමුණු කරගත් බවත් ඒ සදහා අදාල ඉදිරි ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට සහ ඉදිරියට සිදුකරගෙන යාමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට (SLPA) නිසි සැලසුමක් තිබෙන බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. වරායේ සහ තදාසන්න ප්‍රදේශවල සංවර්ධන සැලසුම්වලට වරායේ නව දියකඩනයක්, විනෝදාස්වාද කලාප, වරාය නගරයක්, යාත්‍රා සහ මගී යාත්‍රා සඳහා කලාපයක් සහ ක්‍රීඩා පිටියක් ඇතුළත් වේ.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සංචාරය අතරතුර [ඡායාරූපය: සන්.හා.මහ.සම්බන්ධතා කොට්ඨාශය, වරාය අධිකාරිය]

“ඉදිරි ගෝලීය ප්‍රවණතා තුළ වරායේ සංවර්ධන කටයුතු සහයෝගීතාවයෙන් සාක්ෂාත් කරගත යුතුයි. ආයතන තුනක් දැනටමත් EOIs සමඟ ලැයිස්තුවේ ඉන්නවා. සුදුසුකම් සඳහා තෝරා ගැනීමේ ක්‍රියාවලිය අවසන් වූ පසුව සුදුසුකම් ලත් ආයතනවලට ආයෝජනය කිරීමට අවශ්‍ය අනුමැතිය ඉදිරිපත් කරනවා” යැයි ද අමාත්‍යවරයා පැවසීය.

වරායේ ඉදිරි සංවර්ධන සැලසුම් නිසා කිසිසේත්ම එහි සේවකයන්ගේ රැකියා අහිමිවීමේ අවදානමකට ලක් නොවන බවත්, මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ ජනතාවට සහ රටට වැඩි ප්‍රතිලාභයක් එක්වන බවද ඔහු පැවසීය.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අල්ගේවත්තගේ, කළමනාකාර අධ්‍යක්ෂ උපුල් ජයතිස්ස, අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත අබේසිරිවර්ධන, ප්‍රධාන කළමණාකාර (තොරතුරු පද්ධති) නිර්මාල් ද ෆොන්සේකා, නේවාසික කළමණාකාර (ගාල්ල වරාය, ගාල්ල වරාය) සහ කාර්යමණ්ඩල සාමාජිකයින් මෙන්ම සේවකයින්ද පැමිණ සිටියහ.

පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල

Leave a Reply

*

17 + 11 =