නිල් තල්මසුන් ආරක්ෂා කිරීමට MSC තම නැව් මාර්ග වෙනස් කරයි

MSC හි අරමුණ වන්නේ සමුද්‍රීය අංශයේ විද්‍යාඥයින්ගේ උපදෙස් අනුව නාවික මාර්ගෝපදේශ වෙනස් කරමින් ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් වන ජලයේ ජීවත් වන සහ ඉන් පෝෂණය වන නිල් තල්මසුන් සහ අනෙකුත් කැටේසියන් කුලයට අයත්වන මුහුදු ජීවීන් ආරක්ෂා කිරීමට උපකාර කිරීමයි.

ලෝකයේ විශාලතම බහාලුම් නැව් සමාගම වන මෙය 2022 මැද භාගයේදී ශ්‍රී ලංකාව හරහා ගමන් කරන සිය නැව් මාර්ග වෙනස්කිරීම ආරම්භ කරන ලදී, එය වාණිජ නැව්ගත කිරීම සඳහා වත්මන් Traffic Separation Scheme (TSS) නමැති මාර්ග ගත කිරීමේ ක්‍රියාවලියෙන් දකුණට නාවික සැතපුම් 15 ක් පමණ දුරින් පිහිටි නව වැඩපිලිවෙලකි.

විශේෂයෙන්ම මෙහිදී, MSC විසින් සත්ත්ව සුභසාධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAW), ලෝක වෙළඳ ආයතනය (WTI), ජෛවගෝල පදනම, රුහුණු විශ්ව විද්‍යාලය (ශ්‍රී ලංකාව), රාජා සහ තල්මසුන් සහ ශාන්ත ඇන්ඩෘස් විශ්වවිද්‍යාලය විසින් සම්පූර්ණ කරන ලද පර්යේෂණ සමීක්ෂණ මත පදනම්ව මාර්ගෝපදේශ අනුගමනය කර ඇත. ඊට අමතරව ස්වභාවධර්මය සඳහා වන ලෝක ව්‍යාප්ත අරමුදල (WWF) විසින් MSC හි ඉතාබර බහාලුම් රැගෙන යන නැව් (boxships) සඳහාද නැව්මාර්ග වෙනස් කිරීමට අනුමත කර ඇත.

බටහිර දෙසට නැව් ගමනාගමනය දැනට 05 30N සහ 05 35N අතර අක්ෂාංශයකට සීමා වී ඇති අතර, නිවේදනයකට අනුව නම් කරන ලද කැටේසියන් වාසස්ථාන මග හැරීම සඳහා නැගෙනහිර දෙසට ගමනාගමනය 05 24N සහ 05 29N අතර අක්ෂාංශයකට සීමා වේ.

එසේම අයහපත් කාලගුණික තත්ත්වයන් ඇතුළුව ගාල්ලේ රක්ෂක හේතූන් මත යාත්‍රා ගොඩබෑම සහ ගොඩනොබෑම සඳහා ව්‍යතිරේකයක්ද සිදුකර ඇත. මීට අමතරව, බෙංගාල බොක්ක වටා යාත්‍රා කරන කුඩා පෝෂක නැව්ද ඔවුන්ගේ වේගය මෙම ප්‍රදේශයේදී 10 knots ට වඩා අඩු කරනු ඇත.

මේ අතර, 2022 ජනවාරි මාසයේදී, මධ්‍යධරණී මුහුදේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති  sperm තල්මසුන් සමඟ ගැටීමේ අවදානම අවම කිරීම සඳහා MSC ග්‍රීසියේ බටහිර වෙරළ තීරයේද
සිය නැව් මාර්ග වෙනස් කිරීමට තීරණය කළේය. IFAW, OceanCare, WWF Greece සහ Pelagos Cetacean පර්යේෂණ ආයතනය වැනි රාජ්‍ය නොවන සංවිධාන වලට අනුව, මෙම ප්‍රදේශය භාවිතා කරන සියලුම නැව් ගමනාගමනය සමාන මාර්ගගත කිරීමක් සිදු කළහොත්,  Sperm තල්මසුන් නැව්වල ගැටීමේ(ship strike) අවදානම  75% කින් පමණ අඩු වනු ඇත.

පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල

Leave a Reply

*

12 + 20 =