මගේ ඉලක්කය වරාය ආදායම ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමයි. – වත්මන් වරාය සභාපති ආචාර්ය ප්‍රශාන්ත ජයමාන්න

කොළඹ වරායේ ධාරිතාව 100%කින් වැඩි කිරීමට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක වෙමින් පවතී.

වරායේ ජීව ගුණය අවබෝධ කර ගැනීම සඳහා ඇති සරල ක්‍රමයක් නම්, “වරායක් යනු ජාතියක් ගොඩ නැගීමට හෝ විනාශ කිරීමට හැකි ස්ථානයක් බව හඳුනා ගැනීමයි” යනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා සතිපතා පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. පහත දැක්වෙන්නේ එම සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගත් කොටසකි.

“වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්ව සිටි කාලයේදී වරාය වෙන්දේසිවලට පාතාල සාමාජිකයන් ඇතුළු වී ඇති බව දැනගන්නට ලැබී ඒවා සම්පූර්ණයෙන්ම නැවැත්වීමට දැඩි ක්‍රියාමාර්ග ගත්තා. නමුත් කාලයාගේ ඇවෑමෙන් අප හට ලැබෙන පැමිණිලි මගින් පෙනී යන්නේ නැවතත් එවැනි කණ්ඩායමක් සම්බන්ධ වී කටයුතු කරගෙන යන බවයි ” ලෙස මේ සම්බන්ධව නිරීක්ෂණය කල ආචාර්ය  ජයමාන්න මහතා පවසා සිටියේය.

කෙසේ වෙතත්, “මෙවැනි තත්ත්වයකට මුහුණ දීම සඳහා අපි අපගේ යුතුකම ඉටු කළ යුතුයි කියන තැනයි මම ඉන්නේ. මම ඉන්නකන් මෙවැනි දූෂණවලට ඉඩ තියන්නේ නැහැ. ඔවුන්ට විරුද්ධව ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නට ඉදිරිපත්වීමට  මම පසුබට  වෙන්නේ නැහැ,” යැයිද ඔහු යළිත් තහවුරු කළේය.

“මුළු රටම ක්‍රම සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටින මොහොතකයි මම අද මෙහි ඉන්නේ. ඒ නිසා වෙනසක් සිදුකළ යුතුයි. වරාය හා රට වෙනුවෙන් කැපවී කටයුතු කරන බහුතරයක් වරාය සේවකයන්ට සුළු පිරිසක් නිසා නරක නාමයක් ඇති නොවිය යුතුයි.” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

වරාය සේවා සහ මෙහෙයුම් අක්‍රමිකතා මැඩලීමට ගෙන ඇති වැඩපිළිවෙළ ගැන කතා කරන ආචාර්ය ජයමාන්න පැවසූයේ “වරායෙන් භාණ්ඩයක් නිශ්කාශණය කර ගැනීමේදී කිසිවකුට නීති විරෝධී ලෙස ශතයක්වත් ගෙවන්න අවශ්‍ය නැහැ. නිසි ක්‍රියාපටිපාටිය පමණක් අනුගමනය කිරීම ප්රමාණවත්. වරායේ සේවය කරන්නේ හොඳ වැටුපක් ලබන සේවකයින්. ඔවුන්ගේ වැටුප ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට ප්‍රමාණවත්.”

දූෂණයෙන් තොර පිරිසිදු වරායක් සදහා මුලපිරීම්.

“වරාය සේවකයෙකුගේ අල්ලස් හෝ දූෂණයට සම්බන්ධ ඕනෑම ක්‍රියාවක් වාර්තා කිරීම සඳහා අපි දැන් 0716413332 යන WhatsApp අංකය ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ඒ හරහා ඕනෑම කෙනෙකුට අදාළ සිදුවීම් පටිගත කර අපවෙත ඉදිරිපත් කළ හැකියි. එවැනි පැමිණිල්ලක් ලැබුණු වහාම අදාළ නිලධාරියාට එරෙහිව අවශ්‍ය පියවර ගන්නවා.” ඔහු පැවසුවේය.

ලෝක බැංකුවේ නවතම වාර්තාවකට අනුව කොළඹ වරාය දකුණු ආසියාවේ කාර්යක්ෂතම වරායයි. වසංගත සමයේ වරාය මෙහෙයුම් පිළිබඳ සිය අත්දැකීම් සිහිපත් කරන වෛද්‍ය ජයමාන්න මහතා පවසා සිටියේ, “කොවිඩ් 19 වසංගතය පැවති කාලයේ පවා අපි එක දවසක්වත් වරාය වසා දැමුවේ නැහැ. මුළු රටම වසංගතයට බියෙන් සිටින විටත් වරාය සේවකයන් බය නැතිව ඇවිත් වැඩ කළා.”

නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සිදුවන ආකාරය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, “අපි නැව් සමාගම් තුල අප පිලිබදව ඇති විශ්වාසය තහවුරු කර තිබෙනවා. ඒ නිසාම එවැනි තත්වයක් තුළ පවා 2021 දී අපට බහාලුම් මිලියන 7.25ක් හැසිරවීමට හැකි වූ අතර එය කොළඹ වරායේ ඉතිහාසයේ විශාලතම ප්‍රතිදානය වන බව ඔහු පැවසීය.”

සම්මුඛ සාකච්ඡාව අවසන් කරමින් ආචාර්ය ජයමාන්න මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ඔහුගේ මූලික අරමුණ ලෙස හෙළිදරව් කර ඇත්තේ, “මගේ ඉලක්කය වරාය ආදායම වාර්ෂිකව ඩොලර් බිලියන 1 දක්වා ඉහළ නැංවීමයි. මෙම දිගුකාලීන ඉලක්කය සපුරා ගැනීම සඳහා වත්මන් කෙටිකාලීන ඉලක්කය වන්නේ 2024 වන විට නැගෙනහිර පර්යන්තය සම්පූර්ණ උපකරණවලින් ශක්තිමත් කිරීමයි. ඊට සමගාමීව සීමාසහිත Adani Ports and Special Economic Zones (APSEZ), John Keells Holdings PLC සහ SLPA ද කටයුතු කරමින් සිටී. කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය (CWIT). අපට මෙය නියමිත වේලාවට අවසන් කිරීමට හැකි වුවහොත් කොළඹ වරායේ ධාරිතාව සියයට සියයකින් ඉහළ යනු ඇත.”

සම්මුඛ සාකච්ඡාව අවසන් කරමින් ආචාර්ය ජයමාන්න මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස තම ධුර කාලයෙහි මූලික අරමුණ හෙළිදරව් කරමින් පවසා සිටියේ, “මගේ ඉලක්කය වන්නේ වරාය ආදායම වාර්ෂිකව ඩොලර් බිලියනයක් දක්වා වැඩි කිරීමයි. මෙම දිගුකාලීන ඉලක්කය සපුරා ගැනීම සඳහා දැනට පවතින කෙටිකාලීන ඉලක්කය වන්නේ 2024 වන විට නැගෙනහිර පර්යන්තය විවෘත කිරීමයි. ඊට සමගාමීව,  අදානි, ජෝන් කීල්ස් සහ වරාය එක්ව සිදු කරන බටහිර පර්යන්තයේ කටයුතුත් අවසන් කිරීම. අපට මෙය නියමිත වේලාවට අවසන් කිරීමට හැකියාව ලැබුනොත් කොළඹ වරායේ ධාරිතාව සියයට සියයකින් ඉහළ යනවා.”. ලෙසයි.

[ පුවත්පතේ පලවූ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙතැනින්]

පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල

  Share:

Leave a Reply

*

fifteen − eight =