කොළඹ වරාය හරිත වරායක් බවට පත් කිරීමේ ඉලක්කය සපුරා ගැනීම උදෙසා අත්වැලක් වෙමින් ලංකා නැව් නියෝජිතයින්ගේ සංගමය (CASA) විසින් වරාය සේවකයින්ගේ හා වරාය භාවිත කරන්නන්ගේ අභ්‍යන්තර භාවිතය සඳහා ප්‍රයෝජනයට ගැනීමට පාපැදි 100ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට 2022/05/31 දින පරිත්‍යාග කළේය. CASA හි සභාපතිනි ෂෙහාරා ද සිල්වා මහත්මිය විසින් පාපැදි 100 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රශාන්ත ජයමාන්න මහතා වෙත එදින පෙරවරුවේ ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සවුත් ඒෂියා ගේට්වේ පර්යන්තය, කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය සහ ලංකා නැව් නියෝජිත සංගමයේ නිලධාරීන් සහභාගි වූහ.

පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල