ජාත්‍යන්තර සමුද්‍රීය කාන්තා දිනය සැමරේ

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ(IMO ) මැදිහත්වීමෙන් ප්‍රකාශයට පත්කල IMO ජාත්‍යන්තර සමුද්‍රීය කාන්තා දිනය මෙවර එනම්‍ 2022 මැයි 18 වන දින ප්‍රථමවරට සමරනු ලබන අතර එය මෙවර  “පුහුණුව-දෘෂ්‍යතාව-පිළිගැනීම: බාධක රහිත සේවා පරිසරයකට සහාය වීම” යන තේමාව කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

මෙම දිනයේ දී, මෙම තේමාව වටා විවිධ ඉසව් සහ ක්‍රියාකාරකම්වල නිරත වන ලෙස IMO සියළුම පාර්ශවකරුවන්ට ආරාධනා කරයි.

සමාජ මාධ්‍ය තුළ, අපි දෘශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කරමු. සමුද්‍රීය ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු කාන්තාවන්  බොහොමයකගේ මුහුණු #WomenInMaritimeDay හැෂ් ටැගය භාවිතා කරමින් බෙදාගන්න.

“සමුද්‍රීය කාන්තාවන් සඳහා ජාත්‍යන්තර දිනය”
2022 මැයි 18
කිටැක් ලිම්, මහලේකම්

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තිරසාර අනාගතයක් සඳහා ප්‍රධාන වේදිකාවක් ලෙස පිළිගැනේ. ලොව පුරා රටවල් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දී ඇති, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයට පාදක වන ඉලක්ක 17න් එකක් වන තිරසාර සංවර්ධන ඉලක්කය 5 හි එය අන්තර්ගතවේ.

දශක තුනකට වැඩි කාලයක්, සමුද්‍රීය වැඩසටහන තුළ අපගේ කාන්තාවන් හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට සහය වෙමින්, පුහුණුව, දෘශ්‍යතාව සහ පිළිගැනීම තුළින් ක්ෂේත්‍රයේ කාන්තාවන් සවිබල ගැන්වීමට ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය උත්සාහ කරයි.

සමුද්‍රයේදී කාන්තාවන් ඉස්මතු කිරීමට සහ සැමරීමට අවස්ථාවක් ලබා දීම සදහා, පසුගිය දෙසැම්බරයේ රැස්වීම අතරතුරදී, IMO සාමාජික රටවල් සෑම වසරකම මැයි 18 දින සමුද්‍රීය කාන්තාවන්ගේ ජයග්‍රහණ පිලිගැනීමට සහ උපහාර දැක්වීමට ජාත්‍යන්තර සමුද්‍රීය කාන්තා දිනය ලෙස නම් කරන ලදී. මීට අමතරව, සමුද්‍රීය ක්ෂේත්‍රයේ කාන්තාවන් බඳවා ගැනීම, රඳවා තබා ගැනීම සහ තිරසාර රැකියා ප්‍රවර්ධනය කිරීම මෙන්ම සමුද්‍රීය ක්ෂේත්‍රයේ වර්තමාන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමතුලිතතාවයට පිළියම් යෙදීම සඳහා සහය දැක්වීමද ප්‍රවර්ධනය කරනු ඇත.

සමුද්‍රීය කාන්තාවන් සඳහා වන මෙම මංගල ජාත්‍යන්තර දිනය, සමුද්‍රීය අනාගතයට දායක වන බොහෝ කාන්තාවන්, නාවිකයින්, ඉංජිනේරුවන්, මිනින්දෝරුවන්, ප්‍රධාන විධායක නිලධාරීන්, කළමනාකරුවන්, රජයේ සහ කර්මාන්ත නියෝජිතයන්, IMO ආයතනයේ රැස්වීම් වල මුලසුන දරන කාන්තාවන් මෙන්ම අනෙකුත් කර්මාන්ත තුලත් සෑම භූමිකාවක්ම දරන කාන්තාවන් සැමරීමට අවස්ථාවක් කර ගනිමු.

කර්මාන්තය සඳහා කාබන්ඩයොක්සයිඩ්, ඩිජිටල්කරණය සහ වඩාත් තිරසාර අනාගතයක් කරා සංක්‍රමණය වීමට සහාය වීම සඳහා කාන්තාවන් ලොව පුරා සමුද්‍රීය අංශයේ සෑම අංශයකම කටයුතු කරයි. සමුද්‍රීය ක්ෂේත්‍රයේ ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාවයක් තවමත් පවතී – නමුත් සමුද්‍රීය විවිධත්වය සමස්ත ක්ෂේත්‍රයටම ප්‍රතිලාභ ලැබෙන බව පිළිගැනීමට කාලය වෙනස්වෙමින් පවතී.

අද සමුද්‍ර කටයුතු සියල්ලන්ටම පොදුයි. මම කලින් අවධාරණය කර ඇති පරිදි, එය ඔබේ ලිංගභේදය ගැන නොවේ – එය ඔබට කළ හැකි දේ ගැන ය. IMO හි පුහුණුව, දෘශ්‍යතාව, හඳුනාගැනීම හරහා අපි ඉලක්ක කරන්නේ – සමුද්‍රීය කාන්තාවන් සඳහා බාධක රහිත වැඩ පරිසරයක් නිර්මාණය කිරීමට සහාය වීමය.

සමුද්‍රීය ප්‍රජාව තුළ බාධාවකින් තොරව, සියලු දෙනාගේ සහභාගීත්වය සක්‍රීය කරන, සහාය දක්වන  වැඩ පරිසරයක් අපි නිර්මාණය කරන බවට සහතික වෙමු. බාධක බිද දැමීමට කටයුතු කරමු.

ඔබ සැමට ප්‍රීතිමත් “ජාත්‍යන්තර සමුද්‍රීය කාන්තා දිනයක්” ප්‍රාර්ථනා කරමි!

පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල




Leave a Reply

*

1 × four =