අද (2022.04.28) දින සියලුම වරාය මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා අවධාරණය කරයි.
ඒ අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දකුණු ආසියා ගේට්වේ පර්යන්ත (SAGT), කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්ත (CICT) සහ ජය බහාලුම් පර්යන්තය (JCT) ඇතුළු කොළඹ වරායේ සියලුම පර්යන්ත සාමාන්‍ය පරිදි සිය මෙහෙයුම් සිදු කරයි.
එසේම, දිවයිනේ සියලුම පළාත් සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සැපයීමටද ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගෙන ඇත.
අද උදෑසන ලබාගත් ජායාරූප කිහිපයක් පහත දැක්වේ.




පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල