හදිසි දැනුම්දීමයි: ශ්‍රී ලංකාවේ විදේශ විනිමය හේතු මත කොළඹ වරායේ රඳවා තබා ඇති තොග මුදා හැරීම

අතිගරු ජනාධිපතිතුමා විසින් ගරු වරාය සහ නාවික අමාත්‍යතුමාට ලබා දුන් උපදෙස් අනුව මෙරට ආනයනකරුවන්ට විශේෂ සහනයක් වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් පර්යන්ත (JCT සහ ECT) වල ගොඩබා ඇති නමුත් රටේ පවතින විදේශ විනිමය තත්වය හේතුවෙන් 2022 ජනවාරි 31 වැනිදා දක්වා නිෂ්කාශනය කිරීමට අසමත් වී ඇති භාණ්ඩ දණ්ඩ ගාස්තු වලින් නිදහස් කොට නිෂ්කාශනය කිරීමට ඇති හැකියාව පිළිබඳ සලකාබැලීමට තීරණය කොට ඇත.

ඒ අනුව වරාය ගාස්තු නිදහස් කිරීමක් සඳහා වන අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා ආනයනකරු විසින් පහත ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය:

● දණ්ඩ ගාස්තු මත නිදහස් කිරීමක් ඉල්ලා ඉදිරිපත් කරන ලිපිය. (එහි ආනයනය කරන ලද භාණ්ඩ / බහාලුම්වල භාණ්ඩ / HS කේතය සඳහන් කළ යුතුය.)
● භාරදීමේ ඇණවුමේ පිටපත / බඩු තොගයේ බිල්පත ( බිල් ඔෆ් ලෑන්ඩින්).
● ආනයනකරු විසින් අදාළ ලේඛන බැංකුව වෙත යොමු කළ දිනය සහ භාණ්ඩ/බහාලුම් නිෂ්කාශනය කිරීම සඳහා බැංකුව විසින් එම ලේඛන ආනයනකරු වෙත නිකුත් කළ දිනය සඳහන් කරමින් දේශීය වෙළඳපොලේ විදේශ විනිමය හිඟය හේතුවෙන් භාණ්ඩ / බහාලුම් නිෂ්කාශනය කිරීම ප්‍රමාද වී ඇති බවට ආනයනකරුගේ බැංකුව විසින් නිකුත් කරන ලද තහවුරු කිරීමේ ලිපිය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනටමත් සීමාසහිත ශ්‍රී ලංකා බැංකු (ඇපකාර) සංගමයේ මහලේකම් වෙත දන්වා ඇත.)
● ශ්‍රී ලංකා වරාය අධිකාරියට කරන ලද ගෙවීම් පිළිබඳ ඉන්වොයිසි (බඬු ලේඛන).
● ජනවාරි 31 වැනි දිනට පසුව (ජනවාරි 31 දිනද ඇතුළුව) නිෂ්කාශනය කරන ලද භාණ්ඩ / බහාලුම් පමණක් මෙම දණ්ඩ ගාස්තු නිදහස් කිරීම සඳහා සුදුසුකම් ලබා ඇතිබව සැලකිල්ලට ගතයුතුය.

ඉහත සඳහන් ලියකියවිලි ඇතුළුව සිදුකරන ලිඛිත ඉල්ලීම සමඟ සභාපති, කුලී අත්හැරීමේ කමිටුව, ලොජිස්ටික් අංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතු අතර, මේ සම්බන්ධයෙන් වන සියලුම ලිඛිත ලිපි හුවමාරුව ප්‍රමුඛත්වය දීම සඳහා ඉහත මාතෘකාව යටතේ විශේෂ කුලී නිදහස් කිරීමේ ඉල්ලීමක් ලෙස දැක්විය යුතුය.

මෙම ක්‍රමවේදය අනුගමනය කරන ලෙස ඉල්ලා වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් කොළඹ වරායේ බහලු මෙහෙයුම් සිදුකරණ අන්කෙඋත් පර්යන්ත වන දකුණු ආසියා ගේට්වේ පර්යන්තය (SAGT) සහ කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්ත (CICT) වෙතද ලිඛිත දැනුම්දීමක් සිදුකොට ඇත.

සභාපති
ශ්‍රී ලංකා වරාය අධිකාරිය

Leave a Reply

*

1 × two =