ගාලු වරාය සංවර්ධන සම්මන්ත්‍රණය 2022: අමාත්‍යවරයාගේ පණිවිඩය

2022 ජනවාරි 26 වැනි බදාදා සාර්ථකව අවසන් වූ “2022 ගාලු වරාය සංවර්ධන සම්මන්ත්‍රණය” විවෘත කිරීම නිමිත්තෙන් වරාය සහ නාවික අමාත්‍ය ගරු රෝහිත අබේගුණවර්ධන මහතා විසින් නිකුත් කරන ලද පණිවිඩය පහත දැක්වේ.

ජාතික සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා කීර්තිමත් දේශීය හා විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගත හැකි කාල සංවේදී පුළුල් ක්‍රියාකාරී සැලැස්මක් සඳහා වන මහජන ඉල්ලුම වැඩි වන කාල පරිච්ඡේදයක් හරහා අපි ගමන් කරමින් සිටිමු. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය දූරදර්ශී දූරදර්ශී සහ පොරොන්දු වූ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් විස්තර කර ඇති ඉලක්ක වෙත ළඟාවීම සඳහා අප වෙත පැවරී ඇති වගකීම්වල බරපතලකම අප වටහාගෙන සිටින බව වරාය සහ නාවික අමාත්‍යවරයා ලෙස මම විශ්වාස කරමි.

දේශීය හා විදේශීය ආයෝජකයින් දිරිමත් කර ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් ලබා දීම අපගේ පරම යුතුකම ලෙස අපි සලකමු. සෞභාග්‍යයේ දැක්මෙහි හි අපේක්ෂා කරන පරිදි “එක් එක් කලාපයේ අවශ්‍යතා සහ ජාතික ආර්ථිකයේ අවශ්‍යතා අනුව ගාල්ල, කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලයේ වරායන් සංවර්ධනය කිරීම” සඳහා වූ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්, 2019 වර්ෂයේ අග සිට ව්‍යාප්ත වූ කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන පෙර නොවූ විරූ අභියෝග රාශියක් මධ්‍යයේ වුවද දැනටමත් ආරම්භ කර ඇත. 

ලොව පුරා වඩාත් ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් වන ශ්‍රී ලංකාවට වාර්ෂිකව මිලියන හතකට අධික විදේශීය සංචාරකයින් ගෙන්වා ගැනීමේ රජයේ ඉලක්කය සපුරාලීම සඳහා ගාලු වරාය අංගසම්පූර්ණ සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමේ ඓතිහාසික කර්තව්‍යයට අපි අතගසා ඇත්තෙමු.මෙම සංවර්ධන ව්‍යාපෘති මගින් ප්‍රාදේශීය ප්‍රජාවන් සඳහා දහස් ගණන් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා උත්පාදනය කිරීමට නියමිතය. මෙමගින් ජනතා කේන්ද්‍රීය ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමේ සාර්ව ආර්ථික අරමුණු ද ඉටු වනු ඇත.

ගාලු පුරවරයේ ඓතිහාසික වටිනාකම් මෙන්ම එහි සංස්කෘතික උරුමයන්, සොබා සෞන්දර්යය සහ දේශීය අනන්‍යතාව ආරක්ෂා කරමින් ජාතික ආර්ථිකයට ජවයක් ගෙන දෙන මෙම අගනා සංවර්ධන ව්‍යාපෘතියට නායකත්වය දීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි. ගාලු වරාය සංවර්ධන සම්මන්ත‍්‍රණයේ සමාරම්භක අවස්ථාවට මාගේ හදපිරි සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ වරාය සහ නාවික අමාත්‍ය ගරු. රෝහිත අබේගුණවර්ධන.

පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල

  Share:

Leave a Reply

*

19 − ten =