“මුහුදේ සුවිශේෂී නිර්භීතකම” සඳහා, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය(IMO) ශ්‍රී ලාංකික නාවික පුද්ගලයින් හතරදෙනෙක් තෝරාගැනේ.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවති විශේෂ උත්සවයකදී නාවික පුද්ගලයින් 04 දෙනෙකු වෙත ‘මුහුදේ සුවිශේෂී නිර්භීතකම සඳහා IMO සම්මානය – 2021’ යටතේ ප්‍රශංසා සහතික පත් ප්‍රදානය කරන ලදී. මෙම පුද්ගලයින්ගේ නිර්භීතභාවය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (IMO) විසින් ප්‍රශංසා සහතික නිකුත් කරන ලදී.

1948 දී පිහිටුවන ලද IMO යනු නැව් ගමනාගමනයේ ආරක්ෂාව සහ ආරක්ෂාව සහ නැව් මගින් සමුද්‍ර හා වායුගෝලීය දූෂණය වැළැක්වීම සඳහා වගකීම දරන එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනයකි. තවද, සංවිධානය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට උපකාර කරයි. IMO විසින් සමුද්‍ර දූෂණය වැළැක්වීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට සැලසුම් කර ඇති ක්‍රියාමාර්ග මාලාවක් හඳුන්වා දී ඇති අතර පරිපාලනමය සහ නීතිමය කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන අතර, නැව් වලින් සිදුවන දූෂණය වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුතියට අනුකූලව ක්‍රියා කරයි – MARPOL.

සෑම වසරකම, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය, ඔවුන්ගේ රාජකාරියට ඔබ්බෙන් ප්‍රතිචාර දැක්වූ, සුවිශේෂී නිර්භීතකමක් පෙන්වූ, සුවිශේෂි නාවික කුසලතා සහිත වූ සහ මුහුදේ ඇති විශාල විපත්ති හමුවේ ධෛර්යයෙන් මුහුණ දුන් ආදි වශයෙන් ජාත්‍යන්තර සමුද්‍ර ප්‍රජාවේ පුද්ගලයින් හඳුනා ගනී.

ඒ අනුව, මෙම වසරේදී ශ්‍රී ලංකා නාවික නෞකා (SLNS) රණසිරි හි නාවික පුද්ගලයින් 04 දෙනෙකුද, ගින්නට හසු වූ ‘MT New Diamond’ නෞකාවේ කාර්යමණ්ඩල සාමාජිකයින් බේරා ගැනීමේදී දැක්වූ සුවිශේෂී නිර්භීතකම වෙනුවෙන් IMO සංවිධානය විසින් ඇගයීමට ලක් කරන ලදී.

නාවික හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි, වෙරළබඩ රාජ්‍යයක ජාත්‍යන්තර වගකීමට සත්‍යව සිටිමින්, 2020 සැප්තැම්බර් 03 වන දින නැ‍ඟෙනහිර මුහුදු තීරයේ ගින්නක් හටගත් යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් බේරා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි යොදවා ඇත. විශේෂ අවස්ථා වලදී සිදු කරන ලද ප්‍රශංසනීය ක්‍රියාව අගය කිරීමක් ලෙස, සියලු දුෂ්කරතාවලට එරෙහිව සමස්ථ ගලවා ගැනීමේ මෙහෙයුම සුපරීක්ෂාකාරීව සැලසුම් කළ ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණරිසි’ අණදෙන නිලධාරී කමාන්ඩර් කේ.ආර්.ජී.ආර්.එස්. රන්තැන්න මෙන්ම ප්‍රමුඛ ඉංජිනේරු ශිල්පී ඩී.එල්.කේ. සහ ගින්නෙන් ගිලී ගිය නෞකාවේ සිටි තුවාල ලැබූ තෙවැනි ඉංජිනේරුවරයා ශ්‍රී ලංකා නාවික නෞකා ‘රන්රිසි’ නෞකාව වෙත රැගෙන ඒමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ දක්ෂ සීමන් ඩබ්ලිව්.ජී.ජී.යූ. සේනාරත්න ඔවුන්ගේ පෞද්ගලික ජීවිත අවදානම පවා නොතකමින් ඉටුකල මෙහෙය උදෙසා මෙම ප්‍රශංසාව ඔවුන්ට පිරිනමන ලදී. ඒ නිසාම නාවික හමුදාවේ සේවය කරන මෙම උපකාරශීලි මෙම පුද්ගලයින්, මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලයේදී පැවති උත්සවයකදී නාවික හමුදාපතිවරයා අතින් අදාළ සහතික පත් ලබා ගන්නා ලදී.

කොවිඩ්-19 සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මෙම උත්සවය පැවැත්වුණු අතර ඊට නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස්, නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සීමිත නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වූහ.

පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල

  Share:

Leave a Reply

*

three × two =