ලෝකයේ විශාලතම බහලු නෞකාව කොළඹට

ලොව විශාලතම බහලු නෞකා ගණයට අයත්වන Ever Ace බහලු නෞකාව කොළඹ වරායේ කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්තය (CICT) වෙත ප්‍රථම වරට පැමිණීම 2021.10.05වැනි දින සිදු විණි.

එවර් ග්‍රීන් නැව් සේවාවට අයත් බහලු 24,000ක ධාරිතාවයකින් සමන්විත ප්‍රථම නෞකාව ලෙස Ever Ace සැලකේ. ‘A’ පන්තියට අයත් මෙම නෞකාව දිග මීටර් 400 කි.  පළල මීටර් 61.5 ක් වන අතර, මීටර් 14.5ක උසකින් යුක්තය. 

නෞකාවේ පූර්ණ ධාරිතාවත් සමග පැයට නාවික සැතපුම් 22.6 ක වේගයෙන් යාත්‍රා කිරීමට සමත් මෙම නෞකාව ලොව විශාලතම බහලු නෞකාවකි.
නෞකා සේවයේ ආසියා යුරෝපා වෙළඳ කටයුතු සඳහා CEM සේවාව යටතේ ඉකුත් ජූලි 28 වන දින දියත් කෙරුණු නෞකාව සිය මංගල ගමන් වාරයේ දී Ever Ace කිංග්ඩාවෝ, ෂැංහයි, නිංග්බෝ, තායිපේ, සැන්ඩියන්, රොටර්ඩෑම්, හැම්බර්ග් සහ ෆීලික්ස්ටෝව් යන වරායයන් වෙත යාත්‍රා කළාය.

Ever Ace විවිධ පරිසර හිතකාමී සහ ඉන්දන කාර්යක්‍ෂම උපායමාර්ගික සැලැසුම් වලින් සමන්විත නෞකාවක් ලෙස ඉමහත් කීර්තියක් අත්කරගෙන තිබේ. එවර් ග්‍රීන් නැව් සේවාවේ නාවුක සේවා යාවත්කාලීක කිරීමේ අරමුණෙන් Ever Ace නෞකාවට අමතරව ‘A” ඛාණ්ඩයේ බහලු නෞකා 12ක් Ever Ace සොයුරු නෞකාවන් ලෙසින් එවර් ග්‍රීන් සමාගම සිය සේවා ජාලයට එක් කිරීමට නියමිත ය.

මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා ප්‍රකාශ කර සිටියේ පවත්නා වසංගත තත්ත්වය තුළ මුළු ලෝකයම අර්බුදකාරී අවස්ථාවකට මුහුණ පා සිටින තත්ත්වයක, එය වෙළඳ නාවික ක්‍ෂේත්‍රය වෙත ද විශාල බලපෑමක් එල්ල කරමින් තිබෙන බවයි. 

එවන් අවස්ථාවක කොළඹ වරාය කෙරෙහි විශාල අවදානයක් ලබා දෙමින් අවදානම ද නොතකා ලොව විශාලතම බහලු නෞකාවක් වන Ever Ace නෞකාවේ පැමිණීම ශ්‍රී ලංකා වරාය අධිකාරියටත්, කොළඹ වරායටත්, අප මව්බිමටත් සුවිශේෂී සන්ධිස්ථානයක් සහ අභිමානයක් ලෙස හැඳින්විය හැකි බවයි. කොළඹ වරාය මෙන් ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය කෙරෙහි තබන ලද විශ්වාසය පිළිබඳව එවර්ග්‍රීන් නෞකා ජාලයට ද එහි දේශීය නියෝජිත එවර්ග්‍රීන් ෂිපිං ඒජන්සි ලංකා (පුද්) සමාගම (හේමාස් මැරිටයිම් පුද්ගලික සමාගම) ද ඔහු ස්තූතිය පළ කළේ ය.

වරාය හා නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමාත්, අමත්‍යංශයේ ලේකම්තුමාත් ලබා දෙන නිරන්තර සහයෝගය වෙනුවෙන් ද සිය ස්තූතිය පළකළ අතර, වරාය කටයුතු මනාව පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් ලබා දෙන සහායත්, ඒ වෙනුවෙන් වෘත්තීය සංගම් ලබාදෙන සහායත් වෙනුවෙන් ඔහු සිය ස්තූතිය පළ කළේ ය.

Ever Ace නෞකාව කොළඹ වරායේ CICT පර්යන්තය වෙත පැමිණීම සනිටුහන් කරමින්, Ever Ace නෞකාව, CICT පර්යන්ත සමාගම, නෞකාවේ දේශීය නියෝජිත එවර්ග්‍රීන් ෂිපිං ඒජන්සි ලංකා (පුද්) සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර සමරු ඵලක හුවමාරු වූ අවස්ථාවේ දී වරාය හා නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා හා නෞකාවේ දේශීය නියෝජිත Evergreen Shipping Agency පුද්ගලික සමාගමේ උප සභාපති මුෂීන් කිචිලාන් මහතා සමග සමරු ඵලක හුවමාරු වූ අවස්ථාව. වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල, උප සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න, අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) ලාල් වීරසිංහ, හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා යන මහත්වරුන්ද, හේමාස් මැරිටයිම් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කස්තුරි සෙල්වරාජා, එහි අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික ඉමිටියාස් ඉසුෆාලි, නෞකාවේ කපිතාන් එච්.එම්. යැංග්, CICT පර්යන්ත සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (ව්‍යාපාර හා වෙළඳ) කැත්‍රියෝනා ජයසුන්දර යන මහත්ම මහත්මීන් ද ඡායාරූපයේ වෙති.

විශේෂයෙන් ම කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්ත සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීතුමන් ඇතුළු සියළු නිළධාරීන්, වරාය කටයුතු සම්බන්ධයෙන් ඉතා සහයෝගයෙන් යුතුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග කටයුතු කිරීම වෙනුවෙන් ද ඔහු සිය ස්තූතිය ප්‍රකාශ කර සිටින ලදී.

අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වැඩපිළිවෙල යටතේ, ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින්  කෙටි කාලීන හා දීර්ග කාලීන ව්‍යාපෘති රැසක් යදිත් කර තිබේ.  නැගෙනහිර හා බටහිර පර්යන්ත ඉදිකිරීම් ආරම්භය හා ඊට සමගාමීව සේවා සැපයුම් ව්‍යාපෘතිය කෙටිකාලීන සැලසුම් ලෙසත්, බහලු ඒකක මිලියන 07 ක කොළඹ වරායේ වත්මන් ධාරිතාවය තවත් ඒකක මිලියන 20 කට අධික ප්‍රමාණයකින් වර්ධනය කිරීමට අපේෂිත කොළඹ උතුරු වරාය ව්‍යාපෘතිය ද දිගුකාලීන ව්‍යාපෘතික් ලෙසත් දියත්කර තිබේ.

“ඇමරිකානු ඩොලර් බිලියන 140 ක පිරිවැයකින් යුතු ඉන්දීය සාගරමාලා ව්‍යාපෘතියත් ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියන 01ක පිරිවැයකින් යුතු චීනයේ සේද මාවත ව්‍යාපෘතියත් ක්‍රියාත්මක වන රාමුවක් තුළ, මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.  ඊට සමගාමීව හම්බන්තොට, ගාල්ල හා ත්‍රිකුණාමලය වරාය සංවර්ධන ව්‍යාපෘතීන් ද ක්‍රියාත්මක වීම තුළ ශ්‍රී ලංකාව ආසියාවේ නාවික කේන්ද්‍රය බවට පත්වීම පැහැදිලිය.”  සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්තය (CICT) දකුණු ආසියාවේ පළමු ගැඹුරුම බහලු නෞකා මෙහෙයුම් පර්යන්තය වන අතර, දැනට ලොව යාත්‍රා කෙරෙන ඕනෑම විශාල බහලු නෞකාවක් එහි මෙහෙයවීමට හැකි ය.  වෙළඳ නාවික ක්‍ෂේත්‍රයෙ වර්ධනය වන ඉල්ලුමට සාපේක්‍ෂව කාර්යක්‍ෂම සේවාවක් ලබා දීමට හැකි වන පරිදි මෙම පර්යන්තය ඉතා නවීනතම උපකරණ වලින් සමන්විත කොට කිබේ. මෙම අවස්ථාවේ අදහස් දක්වමින් ක්‍ෂක්‍ඔ පර්යන්තයේ ප්‍රධාන විධායක නිළධාරී ජැක් හුවෑන්ග් (Jack Huang) මහතා ප්‍රකාශ කර සිටියේ Ever Ace සුවිශාල නෞකාවට නැංගුරම්පල (Birthing) සැපයීමට CICT පර්යන්තයට අවස්ථාව උදාවීම අතිශය සතුටට කරුණක් මෙන් ම ගෞරවයට ද හේතු වන බවයි.  හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ ක්‍රියාකාරී වරායයක් ලෙසට කොළඹ වරාය ගෝලීය වෙළඳ නාවික ක්‍ෂේත්‍රය තුළ ප්‍රවර්ධනය කිරීමේදී එකම  අරමුණකින් යුතුව කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ක්‍ෂක්‍ඔ සමාගම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිතුමන් ප්‍රමුඛ සේවක පිරිස ලබා දෙන සහායට ස්තූතිවන්ත වන බවයි.

Leave a Reply

*

one × 1 =