ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස පත්කරනු ලැබූ කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා අද උදෑසන ( ජුනි 22 වැනිදා ) සිය ධූරයේ වැඩ භාරගත්තේය. එම අවස්ථාව සඳහා වරාය සහ නාවික කටයුතු අමාත්‍යය ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, ධීවර අමාත්‍යය ගරු ඩග්ලස් දේවානන්ද, මහජන ආරක්ෂක අමාත්‍යය රියර් අද්මිරාල් ගරු සරත් වීරසේකර, රාජ්‍යය අමාත්‍යය ගරු ජයන්ත සමරවීර මහතා, සහ වරාය සහ නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම් යූ.සී,ඩි. ජයලාල් මහතා ඇතුළු නිලධාරීහු රැසක් සහභාගී වූහ.


