කොවිඩ්-19 රෝගය වැළඳීම නිසා මේවන ප්‍රතිකාර ලබන රෝගීන්ට සහයෝගය ලබා දීම සඳහා අංග සම්පූර්ණ ඇඳන් දහසක් තැනීම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු කොට්ඨාශයේ වෑද්දුම් අංශයේ සේවක මහතුන් විසින් මේවන විට සිදුකරමින් සිටිති. ගරු වරාය සහ නාවික අමාත්‍යය රෝහිත අබේගුණවර්ධන මහතා මෙම ව්‍යාපෘතියේ කටයුතු අද ( මැයි 11 ) උදෑසන නිරීක්ෂණය කළේය.
ශ්‍රී ලංකා වරාය ආධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ මගපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මේ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අමතරව කොළඹ වරායේ බහලු මෙහෙයුම් සිදුකරන සවුත් ඒසියා ගේට්වේ ටර්මිනල් සහ කොළොම්බෝ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් මෙන්ම කොළඹ නැව් තටාංගනය සහයෝගය ලබා දෙනු ලබයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ කොළඹ වරායේ මෙහෙයුම් සහ සේවා කටයුතු සිදුකරන අනෙකුත් ආයතන සියල්ලම කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ ජාතික මෙහෙවරට මෙම වසංගතය මෙරට ව්‍යාප්ත වීම ආරම්භ වූ දින පටන් සාමූහිකව සහයෝගය දෙනු ලැබීය. එහි තවත් එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට රැගෙන එන රෝගීන්ගේ භාවිතය සඳහා මෙම ඇඳන් ඉදිරි දින කිහිපය ඇතුළත ලබා දීමට නියමිතය.








ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු කොට්ඨාශයේ වෑද්දුම් අංශයේ සේවක මහතුන්