සිංහල හින්දු නව අවුරුදු උදාව සමරමින් සම්ප‍්‍රදානුකූලව පැවැත්වෙන තේ පැන් සංග‍්‍රහය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ලේකම් කාර්යාල පරිශ‍්‍රයේදී අද දින පැවැත්විණි.
ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සියලූම නිළධාරීන් සේවක මහත්ම මහත්මින්ටත් ඔවුන්ගේ පවුල් වල සාමාජික, සාමාජිකාවන්ටත් සමස්ත ශ‍්‍රී ලාංකිකයන් වෙතත් සෞභාග්‍යමත් වර්ෂයක් ප‍්‍රාර්ථනා කරමින් අදහස් දැක් වූ සභාපතිතුමන් පසුගිය වර්ෂයේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පසුකළ දුෂ්කර කාල වකවානුව තුළ ඉටු කළ නොහැකි වූ කාර්යයන් ඇත්නම් ඒවා ඉතා හොඳින් ඉටු කරමින් නව ජවයකින් රාජකාරි කාර්යයන් ඉටු කිරීමට සැම දෙනාගේ කැප වීම අවශ්‍ය බව ප‍්‍රකාශ කර සිටියේය.
මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂකතුමා, අතිරේක කළමනාකරණ අධ්‍යක්ෂකවරුන් දෙදෙනා ඇතුලූ නිළධාරී සේවක මහත්ම, මහත්මීන් රැසක් සහභාගී වූහ.




