කොවිඩ්-19 රෝගයට ප්‍රතිකාර ලබන සේවකයින්ගේ පවුල්වලට විශේෂිත වියළි ආහාර ප්‍රදානයක්

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ ප්‍රශස්ත සුභ සාධනය අරමුණු කරගෙන විශේෂිත වියළි ආහාර ප්‍රදානයක් ලබා දීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිතුමාගේ සහ කළමණාකාරීත්වයේ මග පෙන්වීම යටතේ සුභ සාධක හා කාර්මික සබඳතා කොට්ඨාශය විසින් මෙම සත්කාරය සංවිධානය කරනු ලබයි.

එහි ප්‍රථම පියවර ලෙසින් එම විශේෂිත වියළි ආහාර සේවක මහත්ම මහත්මීන්ගේ පවුල් වල සාමාජිකයන් වෙත ලබා දීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා විසින් සුභ සාධක හා කාර්මික සබඳතා කළමණාකරු චිත්‍රාල් ජයවර්ණ මහතාවෙත ලබා දෙන ලදී.

Leave a Reply

*

fifteen + two =