වරාය නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ වරායේ විශේෂ නිරික්‍ෂණයක

වරාය නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සිය අභිනව ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව, සිය ප‍්‍රථම වරාය නිරික්‍ෂණයට අද (2020.08.25) දින එක්වි ය.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාලයේ දී කොට්ඨාශ ප‍්‍රධානීන් සඳහා පැවති විශේෂ හමුවට එක් වූ වරාය හා නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අනතුරුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය එතුමාගේ නිරික්‍ෂණට ලක් වූ අතර, ඉන්පසු ජයබහළු පර්යන්තය හා නියමු මධ්‍යස්ථානය සිය පරික්‍ෂාවට ලක් කළේ ය. මෙහිදී අදහස් දැක්වූ වරාය හා නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා, ‘‘වරාය නාවික ක්‍ෂේත‍්‍රයේ ස්වර්ණමය යුගය ලෙසින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ යුගය මෙන්ම, එවකට විෂයභාර අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් ඉටුකළ කාර්යභාරය අතිමහත් බවත් අමාත්‍යවරයා පැවසීය ය.

එම කාලය තුළ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් කටයුතු කිරීමට තමාහට අවකාශය ලැබුණු බවත්, ඒ කාලයේ හම්බන්තොට වරාය, නැගෙනහිර පර්යන්තය, කොළඹ වරාය නගරය, වරාය සතු වත්කම් බවට පත්කර ගැනීමට හැකි වූ බැව් අමාත්‍යවරයා විසින් අවධාරණය කළේ ය. එකී ස්වර්ණමය තත්ත්වය යහපාලන රජය බලයට පත්වීමත් සමග වරාය අධිකාරියට ඉතාම අවාසනාවන්ත තත්වයක් උදාකළ බවත් පැවසී ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා, අඳුරු යුගය අවසන් කර ඉතාම දීප්තිමත් යුගයකට පරිවර්තනය කිරීමේ භාරධූර කටයුත්ත, අද දවසේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම තුළින් යතාර්ථයක් බවට පත් කිරීමට යන ගමනේ දී, වරාය හා නාවික ක්‍ෂේත‍්‍රයේ ඉදිරි ගමන සුභදායි කර ගැනීමට කටයුතු කිරීම සිය අභිප‍්‍රාය බැව් අවධාරණය කළේ ය.

නැගෙනහිර පර්යන්තය ඉතා ඉක්මනින් ක‍්‍රියාත්මක කිරීම, ජයබහළු පර්යන්තය වැඩි දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම හා කාර්යක්‍ෂම සේවාවක් වරාය සේවා තුළ ස්ථාපිත කිරීමට කටයුතු කිරීමට විෂයභාර ඇමතිතුමා ලෙසින් රට ගැන සිතා සියලූ පාර්ශවයන්ගේ සාමුහිකත්වයෙන් තීන්දු තීරණ ගැනීමට කටයුතු කරන බැව් පැවසීය.

මෙම නිරික්‍ෂණ චාරිකාවට වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් යු.ඞී.සී. ජයලාල්, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක, උපසභාපති/කළමණාකාර අධ්‍යක්‍ෂ ඩබ්.එස්. වීරමන්, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයිසා, අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින්, කොට්ඨාශ ප‍්‍රධානීන්, ඇතුළු නිලධාරි මහත්ම මහත්මීන් හා වෘත්තීය සමිති නියෝජිත මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්වූ හ.

වරාය හා නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා නැගෙනහිර පර්යන්තයේ නිරීක්‍ෂණයට එක්වෙමින්, අමාත්‍යාංශ ලේකම් යු.ඞී.සී.ජයලාල්, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයිසා යන මහත්වරුන් ද මෙහි වෙති.

ජයබහලූ පර්යන්තයේ නිරික්‍ෂණයට එක් වූ වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා.

Leave a Reply

*

5 × 1 =