ජනාධිපති කෝව්ඞ් 19 සහන අරමුදලට වරාය අධිකාරියේ සේවක දායකත්වය රු.මිලියන 18.6 ක් පරිත්‍යාග කෙරේ.

ශ‍්‍රී ලංකා වරායඅධිකාරියේ සේවක මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් යුතුව ජනාධිපති කෝවිඞ් 19 සහන අරමුදල සඳහා මුල්‍යමය පරිත්‍යාගයක් සිදුකිරීම පසුගියදා සිදුවිය.

රුපියල් මිලියන 18.6 ක වටිනාකමකින් යුත් චෙක්පත කෝවිඞ් 19 සහන අරමුදල වෙත ලබා දීම ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වැ.බ. උපසභාපති /කළමණාකාර අධ්‍යක්‍ෂ ඩබ්.එස්.වීරමන් මහතා විසින් අතිගරු ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්‍ෂ මැතිතුමා වෙත පිරිනමන ලදී. මෙම අවස්ථාවට වරාය හා නාවික ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයිසා යන මහත්වරු එක්වූ හ.

Leave a Reply

*

17 + fifteen =