කොළඹ වරාය පිරිසිදුව තබා ගැනීමේ අරමුණින් මාසිකව පැවැත්වෙන ශ්‍රමදානය පසුගිය සතියේදීද පැවැත්වුණි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සෑම කොට්ඨාශයකම සේවය කරනු ලබන සේවක මහත්ම මහත්මීන් සහ නිලධාරීන් ඒ සඳහා සහභාගී වූහ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමනාකාර අධ්‍යක්ෂක උපාලිද සොයිසා මහතාගේ මගපෙන්වීම යටතේ මෙම ශ්‍රමදාන ව්‍යාපාරය සෑම මාසයකටම වරක් ක්‍රියාත්මක වේ.

