සේවකයින් ඇගයීමේ රන් තිළිණ ප‍්‍රදානය 26 වැනිදා

2014 වසරේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ 35 වැනි සංවත්සරයට සමගාමීව ආරම්භ කරන ලද මෙම රන් තිළිණ ප‍්‍රදානය මෙවර පැවැත්වෙන්නේ අඛණ්ඩව 10 වැනි වතාවට ය.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අභිමානවත් සේවාවක් ඉටුකර, සේවයෙන් විශ‍්‍රාම ලැබූ සේවක මහත්ම මහත්මීන් අගයමින් රන් තිළිණ ප‍්‍රදානය කිරීමේ උත්සවය උත්කර්ෂවත් පෙබරවාරි මස 26 වැනි දින පෙරවරු 9.30 ට අරලියගහමන්දිර පරිශ‍්‍රයේ පැවැත්වීමට නියමිතය.

මෙම රන් තිළිණ ප‍්‍රධානෝත්සවය ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදි ජනරජයේ ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරේ. වරාය හා නාවික ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, වරාය සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය කණක හේරත් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක යන මහත්වරුන්ද මෙම රන් තිළිණ ප‍්‍රදානෝත්සවයට සහභාගී වනු ඇත.

සේවා කාලයේ දී එක් වරකදී පමණක් පිරිනමනු ලබන මෙම රන් තිළිණ ප‍්‍රදානය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් අනුපමේය සේවාවක් ඉටුකළ සේවක මහත්ම මහත්මීන් ඇගැයීමට ලක් කිරීමකි. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සේවා කාලය වසර 15 ක් හෝ ඊට වැඩි සහ වසර 25 ට අඩු, සේවා කාලය වසර 25 ක් හෝ ඊට වැඩි සහ වසර 35ට අඩු, සේවා කාලය වසර 35 ක් හෝ ඊට වැඩි යන කාණ්ඩ ඔස්සේ විශ‍්‍රාමික සේවක මහත්ම මහත්මීන් 438 දෙනෙකු වෙත මෙම රන් තිළිණ ප‍්‍රදානය සිදුවේ.

2014 වසරේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ 35 වැනි සංවත්සරයට සමගාමීව ආරම්භ කරන ලද මෙම රන් තිළිණ ප‍්‍රදානය මෙවර පැවැත්වෙන්නේ අඛණ්ඩව 10 වැනි වතාවට ය.

Leave a Reply

*

20 + eleven =