කොළඹ වරායේ පළමු කාර්තුවේ මෙහෙයුම් ධාරිතාවය ඉහළට

2018 පළමු කාර්තුවේ කොළඹ වරායේ බහළු මෙහෙයුම් සියයට 16.2 ක කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගෙන තිබේ. 2017 වර්ෂයේ පළමු කාර්තුවේ දී බහළු මෙහෙයුම් මිලියන 1,468,884 ක මෙහෙයවා තිබු අතර 2018 පළමු කාර්තුවේදී බහළු මෙහෙයුම් මිලියන 1,706,339 ක් මෙහෙයවා තිබේ.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මගින් පාලනය වන JCT / UCT පර්යන්තයන්වල ද බහළු මෙහෙයුම් වර්ධනය 2017 වර්ෂයේ පළමු කාර්තුව හා සැස`දීමේ දී බහලූ මෙහෙයුම් 485358 සිට 2018 වර්ෂයේ පළමු කාර්තුවේ දී බහළු මෙහෙයුම් 559,680කි. එනම් 15.3% ද වර්ධනයක් පෙන්නුම් කරයි. එමෙන්ම, SAGTපර්යන්තයන්ගේ බහළු මෙහෙයුම් වර්ධනය සියයට 13.7 ක් වූ අතර CICT පර්යන්තයේ බහළු මෙහෙයුම් වර්ධනය 19% ක් වී තිබේ.

කොළඹ වරාය තුළ නැව් බඩු මෙහෙයුම් ප‍්‍රමාණය ද 2018 පළමු කාර්තුවේ දී 2017 වර්ෂයන් සමග සැස`දීමේ දී මෙට්‍්‍රක් ටොන් මිලියන 21,300,392 සිට 24,157,089 එනම් සියයට 13.4 කින් වර්ධනය වී තිබේ. මෙම වසරේ මුල් මාස කීපය තුළදී විදේශීය සංචාරකයින් රැුගත් සුඛෝපභෝගී මගී නැව් ශ‍්‍රී ලංකාවේ වරාය වලට පැමිණීම සතුටුදායක මට්ටමකින් වැඩි වී ඇත.

2018 ජනවාරි 01 දා සිට අපේ‍්‍රල් 12 දා දක්වා ගෙවීගිය මාස කීපය තුළ සුඛෝපභෝගී මගී නැව් 26 ක් කොළඹ වරායට ද, මගී නැව් 04 ක් ගාල්ල වාරයට ද, මගී නැව් 02 ක් ත‍්‍රිකුණාමල වරායට හා හම්බන්තොට වරායට ද පැමිණ ඇත. ලොව ප‍්‍රධාන පෙළේ සුභෝපභෝගී මගී නැව් මේ අතර වේ. මේ නැව් වලින් ශ‍්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින්ගෙන් 50% ට වැඩි සංඛ්‍යාවක් යුරෝපීය ජාතිකයින් බව වාර්තා වේ. මෙසේ පැමිණෙන මගී නැව් වලට අවශ්‍ය පහසුකම් නිසි පරිදි සපයා දීමේ සේවාවන් සංවිධානය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සිදු කෙරේ.

මෙම වසරේ ඉතිරි මාස කීපය තුළදී තවත් මගී නැව් පහලොවකට ආසන්න සංඛ්‍යාවක් ශ‍්‍රී ලංකා වරාය වලට පැමිණීමට සැලසුම් කර තිබේ.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාරීත්වය, ගරැු සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතාගේ මගපෙන්වීමත්, ගරැු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ නායකත්වය හා සුවිශේෂි දායකත්වයෙන් කොළඹ වරාය හා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය අත්කර ගනිමින් ඇති ප‍්‍රගතිය ස`දහා රැුකුලක් වී තිබේ.

Leave a Reply

*

three × 5 =