කොළඹ වරාය ලොව විශිෂ්ටතම සම්බන්ධිත වරායයන් අතර 13 වන ස්ථානයට

Drewry වරාය සම්බන්ධතා දර්ශකය අනුව කොළඹ වරාය ලොව විශිෂ්ටතම සම්බන්ධිත වරායන් 20 අතර 13 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත. 18 වැනි ස්ථානයේ පසුවූ කොළඹ වරාය 2017 සිව්වැනි කාර්තුවේ දී මෙලෙස වරායයන් පහක් අභිබවා මුල්පෙළට පැමිණීම සුවිශේෂිත ය. ඒ මෙම ශ්‍රේණිගත කිරීමට අලූතෙන් එකතු වූ ජෙබෙල් අලි සහ අල්ජෙසිරා වරායන් ද ඇතුළත්ව ය.

වරායයන් හා පර්යන්ත සම්බන්ධ තොරතුරු, ලොව බහලූ මෙහෙයුම් වරායයන් හා ඒවා සම්බන්ධ කරගත හැකි ආකාරය ඉලක්ක කර ගනිමින් ප‍්‍රකාශයට පත් කෙරෙන Drewry වරාය සම්බන්ධතා දර්ශකය Drewry Global Container Port Connectivity Index)  ප‍්‍රධාන ගෝලීය කලාප 7 කට අයත් වරායයන් පිළිබඳව මිනුම් ද`ඩු සහ නිර්දේශයන් ඉදිරිපත් කරයි. මෙහිදී එක් එක් වරායයන් කෙතරම් කලාප ගණනාවක් සමග
සෘජුව සම්බන්ධ වන්නේ ද යන්නත් සතිපතා එකී වරායන් වෙත පැමිණෙන ප‍්‍රධාන නෞකා සංඛ්‍යාව පිළිබඳව අවධානයට ලක්කරයි.

පසුගියදා වරාය හා නාවික අමාත්‍යාංශයේ පැවති කොළඹ වරායේ සියලූ බහලූ පර්යන්ත මෙහෙයුම්කරුවන් හා එම ව්‍යාපාරයට සම්බන්ධ සියලූ පාර්ශවයන්ගේ හමුවේ දී අදහස් දැක්වූ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා.

‘‘කොළඹ වරාය බහලූ මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයකට එළඹෙමින් සියලූ බහලූ පර්යන්තයන්ගේ සුසංයෝගී දායකත්වයෙන් බහලූ මෙහෙයුම් මිලියන 6.1 සීමාව ඉක්මවීමට සමත් වූ බවත්, මේ වසර අවසානයේ බහලූ මෙහෙයුම් මිලියන 7 ඉක්මවීමට අපේක්‍ෂා කරන බවත් පැවසීය. තවද, කොළඹ වරාය ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට සුදුසු ඉදිරි පියවර නිර්මාණය කරන බවත් ඒ සඳහා කොළඹ වරාය හා සම්බන්ධ සියලූ පාර්ශවයන්ගේ දායකත්වයෙන් යුතුව නව නැව් සේවා කොළඹ වරාය වෙත ආකර්ශනය කර ගැනීමට කටයුතු කරන බවත් පැවසී ය.’’

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය කොළඹ වරාය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් කොළඹ වරාය තුළ ක‍්‍රියාත්මක ප‍්‍රධාන පර්යන්ත ත‍්‍රිත්වය වන JCT, CICT යන SAGT පර්යන්ත සමග සාමුහික ගිවිසුමට අත්සන් කිරීම පසුගියදා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරුණි. එහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා.

‘‘පර්යන්ත අතර තරගකාරීත්වය තිබීම වැදගත් වන්නාසේම පර්යන්තයන් අතර සාමුහිකත්වය තිබීම ද ඉතා වැදගත් බැව් පැවසීය. තවද, ආසියාවේ සිට යුරෝපය දක්වා පැතිරි නාවික මාර්ගය තුළ මේ වන විට සම්බන්ධතා 17 ක් පවතින නමුත්, කොළඹ වරායට මේ වන විට ඉන් සම්බන්ධතා 03 ක් යටතේ බහලූ නෞකා පැමිණෙන බවත්, එවැනි සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අභියෝගයක් කොළඹ වරායට ඇති බවත්, විශේෂයෙන්ම කොළඹ වරාය රැුක ගැනීම උදෙසා කොළඹ වරාය සතු බහලූ පර්යන්තයන් ප‍්‍රවර්ධනය කළ යුතු බැව් ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා පැවසීය.’’

Leave a Reply

*

five × one =