2017 වර්ෂයේ අග කාර්තුවේ සිට ජයබහළු පර්යන්තයේ බහලූ මෙහෙයුම්වල අඛණ්ඩ වර්ධනයක්

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලූ පර්යන්තයේ බහලූ මෙහෙයුම් ධාරිතාවයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. 2017 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට වර්ධනය වෙමින් පවතින මෙම බහලූ මෙහෙයුම් වර්ධනය පසුගිය ඔක්තෝබර් මස සියයට 5.3 % කින්ද, නොවැම්බර් මස 8.2% කින්ද, දෙසැම්බර් මස වන විට 13.9% ලෙස කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. මේ වන විට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජය
බහලූ පර්යන්තයේ ඵලදායිතාව පෝෂක නැව් සඳහා (Feeder line) 3.2% කින්, පෝෂිත නැව් (Main line) සඳහා 9.4% කින් ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේ.

2015 සහ 2016 සහ වර්ෂවල දී ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මගින් පාලනය වන බහලූ මෙහෙයුම් පර්යන්තවල බහලූ මෙහෙයුම්වල අඩුවීමක් දක්නට ලැබුණු අතර, එය 2017 වර්ෂයේ තුන්වන කාර්තුව තෙක් පැවතුනි. කොළඹ වරාය බහලූ මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයකට එළැඹෙමින් බහලූ මෙහෙයුම් මිලියන 6.2 සීමාව ඉක්මවීමට පසුගිය දෙසැම්බර් මස සමත්වූ අතර, එය 2016 වසර හා සංසන්දනය කරන
විට 8.3% ක වර්ධනයක් ලෙස පෙන්නුම් කරයි.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ජය බහලූ පර්යන්තයේ මේ සා සුවිසල් ජයග‍්‍රහණයෙහිලා වත්මන් රජයේ වරාය හා නාවික ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමාගේ විශිෂ්ඨ නායකත්වයත්, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතාගේ නිසි මඟපෙන්වීම හා කළමණාකාරීත්වයත්, වරාය මෙහෙයුම් ක‍්‍රියාවලියට සම්බන්ධ සියළුම පාර්ශවයන්ගේ යහපත් දායකත්වය හා වෘත්තීය සමිති

මෙන්ම සමස්ථ වරාය සේවකයන් අතර පැවති සහ සම්බන්ධතාවය ඉතා ප‍්‍රශස්ත ලෙස වර්ධනය වී තිබීම ද තුළින් මෙවන් කඩිනම් සංවර්ධනයක් කරා ළඟා වීමට හේතු වී තිබේ.

එමෙන්ම, මේ වන විට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මගින් තුන් අවුරුදු සංවර්ධන සැළැස්මක් සකස් කර ඇති අතර ඒ මගින් ඉදිරි කාලය තුළදී සංවර්ධන කටයුතු වඩාත් වේගවත්ව ඉදිරියට ගෙන යාමටත්, ඒ තුළින් බහළු මෙහෙයුම් තවදුරටත් ඉහළ නංවමින් කොළඹ වරාය ආසියාවේ කේන්ද්‍රීය වරායක් බවට පත්වනු ඇත.

  Share:

Leave a Reply

*

5 × 4 =