පසුගියදා ආරම්භ කරන ලද ටග් යාත්‍රා සමූහය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්යක්ෂමතාව ඉහළ නංවනු ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
“කොළඹ වරායේ සමුද්‍රීය මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීමට කොළඹ වරායේ ටග්යාත්රා සමූහය ශක්තිමත් කළ යුතුයි.” අමාත්‍යවරයා මෙසේ පැවසූයේ පසුගියදා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ටග් යාත්‍රා අංශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවය.
එම අංශයේ සේවක සේවිකාවන්, කාර්ය මණ්ඩලය සහ විධායක නිලධාරීන් හට මෙම මෙහෙයුම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධාරණය කළ බවත්, ඒ අනුව අවම වශයෙන් දැනටමත් ක්‍රියාත්මක ටග් යාත්‍රා හතට අමතරව, වරායේ ටග් යාත්‍රා සමූහය වෙත තවත් නව ටග් යාත්‍රා දෙකක්වත් ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“වරායේ ටග් යාත්‍රා සංඛ්‍යාව වැඩි කිරීමෙන් මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි වන අතරම වරායට පැමිණෙන විශාල යාත්‍රා පවා හැසිරවීමේ හැකියාව සැලසේ. රටට ආදායමක් ලෙස විදේශ විනිමය ගෙන ඒම සඳහා වරායේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මගේ වගකීමයි. ඒ අනුව වරාය අභ්‍යන්තරයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නවා.” යැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
වරායේ සීමිත පහසුකම් මධ්‍යයේ වුවද තම සේවය වෙනුවෙන් කැපවී සේවය කරන සියලුම සේවකයන්ට සිය කෘතඥතාව එතුමා පල කලේය. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ජී.යූ.කේ. අල්ගේවත්තගේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ටග් යාත්‍රා අංශයේ විධායක නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක් වූහ.
පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල