වරාය ක්‍ෂේත‍්‍රයේ කාර්යක්‍ෂම තිරසාර අනාගතයක් ස්ථාපිත කිරීම සඳහා වූ ජාතික වරාය සැලැස්ම පිළිබඳ අවසන් වැඩමුළුව

වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන අධිකාරිය හා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව සංවිධානය කළ ජාතික වරාය සැළැස්ම (National Port Master Plan) පිළිබඳ අවසන් වැඩමුළුව පසුගියදා (2019.03.07) කිංස්බරි හෝටල් පරිශ‍්‍රයේ දී පැවැත්විණි.

දේශීය හා විදේශීය වෘත්තිකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ප‍්‍රධාන අමුත්තා ලෙසින් සහභාගී වූ වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා අදහස් දක්වමින්, කොළඹ වරාය මේ වන විට උපරිම ධාරිතාවය කරා පැමිණ ඇති හෙයින් පසුගිය වසර කිහිපය තුළ සිදු වූ තීරණ ගැනීමේ ප‍්‍රමාදයන් මගහරවා ගැනීමට වහාම ක‍්‍රියාත්මක විය යුතු බවත්, ආසියානු සංවර්ධන බැංකුව විසින් සිදු කරන ලද වරාය සැලැස්ම, දැක්ම සහ මෙහෙවර සමග එය ඉටු කිරීමට මාර්ගය සකස් කර ඇති බවත්, ඒ තුළින් නිසි තීරණ ගෙන ඉදිරියට යා යුතු බවත් පැවැසී ය.

ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය අධ්‍යක්‍ෂ ශ‍්‍රී විධෝවතී මහත්මිය අදහස් දක්වමින් පවසා සිටියේ, ශ‍්‍රී ලංකාව සතු විශේෂ උපාය මාර්ගික පිහිටීමේ ශක්‍යතාවය සමග ශ‍්‍රී ලංකාව කලාපීය සමුද්‍රීය ප‍්‍රවාහන කේන්ද්‍රයක් ලෙස සැලකිය යුතු කාර්ය භාරයක් ඉටුකරමින් සිටින බවයි. එමෙන් ම වරාය ධාරිතාව සහ තරගකාරීත්වය පවත්වාගෙන යමින් කලාපය තුළ මෙම භූමිකාව පවත්වාගෙන යන අතර, එහි දී මූලික යටිතල පහසුකම් සංවර්ධනය තවදුරටත් ශක්තිමත් කිරීම ද ඉතා වැදගත් බවත්, ආසියානු සංවර්ධන බැංකුව විසින් දශක පහකට වැඩි කාලයක් ශ‍්‍රී ලංකාව සමග ඉතා සමීපව කටයුතු කර ඇති බවත් පැවැසී ය. තව ද කොළඹ වරායේ වත්මන් තත්ත්වය පිළිබඳව තම ආයතනය බෙහෙවින් තෘප්තිමත් බව ඇය පැවැසී ය.

2007 වර්ෂය සඳහා අනුමත කරන ලද ආසියානු සංවර්ධන බැංකුවේ විශාලත ම ආයෝජන ව්‍යාපෘතිය ලෙස කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය (CPEP) පර්යන්ත තුනකින් සමන්විත ව දියකඩන පහසුකම් ඇතුළුව පුළුල් යටිතල පහසුකම් සංවර්ධනයට දායකත්වය ලබා දෙන ලදී.

කලාපයේ වඩාත් තරගකාරී සහ වඩාත් කාර්යක්‍ෂම වරායයක් ලෙස කටයුතු කිරීමට යන ගමනේ දී වරාය ක්‍ෂේත‍්‍රයේ තිරසාර අනාගතයක් ස්ථාපිත කිරීම සඳහා වූ ජාතික වරාය සැළැස්ම තුළ දිගු කාලීන සැළැසුම්කරණ සීමාවන් ගෙන් ජාතික වරාය අංශයට මග පෙන්වීම සඳහා වූ කාලෝචිත අවශ්‍යතාව සාක්‍ෂාත් කර ගැනීම මෙහි එක් අරමුණකි.

2016 අගෝස්තු මස ශ‍්‍රී ලංකා රජය විසින් ශ‍්‍රී ලංකා ජාතික වරාය ජාතික සැළැස්ම සංවර්ධනය කිරීම සඳහා ජපන් අරමුදල විසින් ලබා දුන් මිලියන 15ක් වන තාක්‍ෂණික ආධාර ප‍්‍රදාන අනුමත කරන ලදී. ඒ අනුව වරාය යටිතල ව්‍යුහය නාගරික ප‍්‍රදේශයන් හි සංවර්ධනය කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම යන රට තුළ දීර්ඝ කාලීන සැළැසුම්කරණයට අනුකූලව මෙම ප‍්‍රතිපත්ති සැලැස්මේ අදියර දෙක සඳහා ම ප‍්‍රතිපත්තිමය මග පෙන්වීමක් ස්ථාපිත කිරීමට යෝජිත ය.

විශේෂයෙන් ආර්ථික සහයෝගීතාවය සමග සිදුවන මෙම වර්ධන ක‍්‍රියාවලිය තුළ කොළඹ වරාය සහ ත‍්‍රිකුණාමලය වරාය, ඒකල වරායයන් වශයෙන් ආර්ථික සම්බන්ධීකරණ සැලැස්ම සඳහා පුළුල් සංවර්ධන සැලැස්මක් දියත් කර ඇත. කලාපීය අසමතුලිතතාවයන් විසඳීම සඳහාත්, ආර්ථික උපායන දොරටු විවර කර ගැනීමටත්, මනා සුසංගතභාවයකින් යුතුව මෙම කටයුතු සිදු කිරීමටත්, අපේක්‍ෂිත බැව් ආසියානු සංවර්ධන මූල්‍යායතනයේ දේශීය අධ්‍යක්‍ෂිකා ශ‍්‍රී විධෝවතී මහත්මිය වැඩි දුරටත් සඳහන් කළා ය.

නෙදර්ලන්තයේ MTBS ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු විලියම් ස්ලෙන්ඩෙබෲක් ( Mr William Slondebroock) මහාතා විසින් ජාතික වරාය සැලැස්ම පිළිබඳ අවසන් වැඩමුළුවට අදාල ඉදිරිපත් කිරීම සිදු කළ අතර, මාර්තු මස අවසන් වන විට මෙහි අවසන් වාර්තාව ශ‍්‍රී ලංකා රජයට භාර දීමට නියමිත ය.

Leave a Reply

*

1 × four =