ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ගෝලීය වරායන් පිළිබඳ නව වාර්තා වැඩසටහන් මාලාවක්…

ගෝලීය වරායන් පිළිබඳ නව වීඩියෝ වාර්තා වැඩසටහන් මාලාවක් එළිදැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුටින් දැනුම්දෙනු ලබයි. Global Ports Outlook(ගෝලීය වරාය ප්‍රවණතා ගැන විමසුම) ලෙස නම් කර ඇති මෙම නව වැඩසටහනෙන් ගෝලීය වරායන්හි මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කරන නවීන තාක්ෂණයන්, මෙම අංශයේ එක් එක් සේවකයා විසින් ඉටු කරනු ලබන වැදගත් භූමිකාවන් සහ අඛණ්ඩ සැපයුම් දාම කළමනාකරණයේ සාමූහික වගකීම පිළිබඳව සාකච්ඡා කිරීම අරමුණු කරයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති වෛද්‍ය ප්‍රසන්ත ජයමාන්න මහතාගේ මඟපෙන්වීම යටතේ සිදුකරනු ලබන මෙම වැඩසටහන වරාය සේවකයන් සහ වරාය භාවිත කරන්නන් මෙන්ම ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස සකස් කර ඇත.

මෙම වාර්තා වැඩසටහන් මාලාවෙහි පළමු කථාංගය, වරාය මෙහෙයුම් වලදී භාවිතා කරන නව තාක්ෂණික මෙවලම් සැලකිල්ලට ගනිමින් ලෝකයේ ප්‍රධාන වරායන් සහ ඒවායේ සේවක අත්දැකීම් පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශය විසින් නිෂ්පාදනය කර බෙදා හරින මෙම වැඩසටහනේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා නරඹන්නන්ගෙන්ද නව අදහස් හා යෝජනා අපි බලාපොරොත්තුවෙමු.

පළමු වැඩසටහන පහතින් නරඹන්න.

පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල

Leave a Reply

*

fourteen − thirteen =