ඇමරිකානු රාජ්‍ය නියෝජිතයින් පිරිසක් පසුගියදා කොළඹ වරායේ විශේෂ සංචාරයක නිරත විය. සහකාර රාජ්‍ය ලේකම් ඬේවිඞ් රාන්ස් , ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී අලයිනා ටිප්ලිට්ස් මැතිණිය , ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ නිලධාරී ජොආනා පිචෙට්ටි , ආර්ථික කටයුතු ප්රධානිඑඩුආර්ඩෝ ගාර්සියා, ආර්ථික සහායක ජේසන් එවන්ස්, සහාය නිලධාරී ජේසන් බි්රඡ් දේශපාලන කටයුතු නිලධාරී – මාර්කස් කාර්පෙන්ටර් යන මහත්ම මහත්මීහූ මෙම සංචාරයට එක් විය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා විසින් පැමිණි නියෝජිත පිරිස පිළිගනිමින් ප්‍රකාශ කර සිටියේ දැනට සිදුකරණ සංවර්ධන කටයුතු නිමවීමත් සමගම කොළඹ වරාය සමුද්‍රීය වෙළඳාමේ පිවිසුම වන බවයි.
එම අවස්ථාවට කළමණාකාර අධ්යක්ෂ කපිතාන් අතුල හේවාවිතාරණ, අතිරේක කළමණාකර අධ්යක්ෂ උපාලි ද සොයිසා, හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් ද සිල්වා යන මහත්වරුන් ද සහභාගී වි ය.