ශ්‍රී ලංකා වරාය අධිකාරිය 05 වැනි වරටත් පවත්වනු ලබන කොළොම්තොට වෙසක් කලාපය අති උත්කර්ෂවත් ලෙසින් අපේ‍්‍රල් 29, 30 සහ මැයි 01 වැනි දිනයන් හි දී සන්ධ්‍යා කාලයේ පටන් මධ්‍යම රාත්‍රිය දක්වා වරාය ශ්‍රී සම්බුද්ධ ජයන්ති චෛත්‍ය පරිශ්‍රයේ දී පැවැත්වේ.
වරාය හා නාවික අමාත්‍යංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා සම්බන්ධ සියළුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවක මහත්ම මහත්මීන්ගේ ගුණාත්මක අගය වර්ධනය කිරීම, යහපත් මානසික වර්ධනයක් ඇති කිරීම, බෞද්ධ හැඟීම් ඉස්මතු කිරීම, බෞද්ධ කලා නිර්මාණ තුළින් යහපත් සමාජයක් ඇති කරමින් ජන ජීවිතයට ඉතා වැදගත් පණිවිඩයක් ලබා දීම මෙම කොළොම්තොට වෙසක් කලාපයේ මූලික අරමුණ වේ. මේ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙන් ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය මෙවර ඉතා ඉහළින් හිමිව තිබේ.
ආගමික සන්නිවේදනයට නවමු අරුතක් එක් කරමින් තෙදිනක් පුරා භක්ති ගීත සංදර්ශන, සංස්කෘතික සංදර්ශන, තොරණ ඇතුළු විශේෂාංග රාශියකින් සමන්විතව පැවැත්වේ. විශේෂයෙන් ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙන් ම නාවික හමුදාව සහ වෙනත් භාහිර පාර්ශවයන් විසින් ඉදිරිපත් කරනු ලබන අලංකාර වෙසක් පහන් කූඩු මෙවර වෙසක් කලාපයට ඇතුලත් වන අතර, ඒවායේ නිර්මාණශීලීත්වය අගයමින් ජයග්‍රාහකයින් හට ඛාණ්ඩ දෙකක් යටතේ සුවිශේෂ මුදල් ත්‍යාග ද හිමිවනු ඇත.
වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා මෙම තෙදින තුල ප්‍රධාන බත් දන්සැල් 03ක් හා පරිවාර දන්සැල් කිහිපයක් කොළොම්තොට වෙසක් කලාප පරිශ්‍රයේ පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය එක්ව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බෞද්ධ සංගමය විසින් පූර්ණ දායකත්වය උසුලන 2018 කොළොම්තොට වෙසක් කලාපය පෙර වසරට වඩා විධිමත් හා සංවිධානාත්මකව පැවැත්වීමට, ප්‍රධාන අනුශාසක කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පණ්ඩිත නිකුල පඤ්ඤාසාර හිමියන්ගේ මගපෙන්වීම හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති පී.ජී. දසනායක මහතාගේ නායකත්වයෙන් යුත් කමිටුවක් මගින් සංවිධාන ශක්තිය ලබා දෙයි.
මෙම වෙසක් කලාපය ආරම්භ වන 29 වැනි දින උදෑසන සිට සිදුවන සියළුම ආගමික හා සංස්කෘතික කටයුතු සජීවී ව දවස පුරා www.slpa.lk හා YouTube ඔස්සේ නැරඹීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා කොට්ඨාශය කටයුතු සලසා ඇත.