වරාය පරිශ‍්‍රය තුළ පොලිතීන් භාවිතයට තිත තැබේ

පිවිතුරු හෙටක්, සුව බර දිවියක් තේමා කර ගනිමින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පොලිතීන් මුක්ත කලාපයක් ලෙසින් සංවර්ධනය කිරීමට පියවර ගැනේ.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය උප සභාපති පී.ජී. දසනායක මහතාගේ මග පෙන්වීම යටතේ ඩෙංගු මර්ධන කමිටු නිළධාරීන් සමඟ පැවැති ඩෙංගු මර්ධන රැස්වීමේ දී වරාය පරිශ‍්‍රය තුළ පොලිතීන් භාවිතය අවම කිරීමට කටයුතු යෙදීම පිළිබඳ සාකච්ඡුා කළ අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙසින් මාර්තු 01 දා සිට වරාය පරිශ‍්‍රය තුළට පොලිතීන් ගෙන ඒම හා ආපනශාලා තුළ පොලිතීන් භාවිත කිරීම තහනම් කිරීමට පියවර ගෙන ඇත.

උප සභාපති පී.ජී. දසනායක මහතාගේ මග පෙන්වීම යටතේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වෛද්‍ය කොට්ඨාශය ප‍්‍රමුඛ සියළුම කොට්ඨාශ නියෝජනය වන සේ සංවිධානය කළ ඩෙංගු මර්ධන කමිටුව තුළින් මේ සඳහා විවිධ වැඩසටහන් හා ක‍්‍රියාකාරකම් විවිධ කොට්ඨාශශ හා මට්ටමින් පැවැත්වීමට පියවර ගෙන
ඇත.

ඒ යටතේ කොට්ඨාශ සහ අංශ මට්ටමින් පොලිතීන් එක් රැුස් විය හැකි ස්ථාන අනාවරණය කර ගනිමින් එම ස්ථාන පිරිසිදු කිරීමටත්, ඒ සඳහා සේවක මහත්ම මහත්මීන් දැනුවත් කිරීම හා දැනුම තොරතුරු යාවත්කාලීන කිරීම තුළින් පොලිතීන් භාවිතයෙන් තොර වරායක් ගොඩ නැගීමට පියවර ගෙන ඇත.

විශේෂයෙන් වරාය සේවක මහත්ම මහත්මීන්ගේ පමණක් නොව වරාය භාවිත කරන්නන් හා වාරය තුළ පිහිටි සියළුම ආයතන සේවක මහත්මීන් දැනුවත් කරමින් පොලිතීන් අවභාවිතය පිළිබඳව දැනුවත් කිරීමටත්, අබලි ටයර තැනින් තැන ගොඩ ගැසීම වෙනුවට ඒවා ඉවත් කරන තෙක් නිශ්චිත ගුදම් ගත කිරීමට කටයුතු පවත්වාගෙන යාම, වර්ගීකරණයට ලක් කරමින් කැළි කසල ඉවත් කිරීමේ ක‍්‍රියාවලිය, ජලය රැඳී ඇති ස්ථාන සොයා බලා එම ස්ථාන ජලය නොරැුඳෙන අයුරින් සකස් කිරීම, කාණු සහ ජලය ගලා යන මාර්ග අවහිර නොවන සේ සකස් කිරීම, ආදී ක‍්‍රියාකාරකම් රැුසක් ද මීට සමගාමීව සිදු කෙරේ.

Leave a Reply

*

fifteen − 13 =