Crown Princess නෞකාවේ සේවක පිරිසක් කොළඹ වරායෙන් ගොඩබැස සිය මව්බිම වෙත යාමට අපේක්ෂා කරයි

ප්‍රකට මගී නෞකාවක් වන Crown Princess නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණියේය. ඒ එහි සේවයේ නියුතු අතිරික්ත සේවකයින් 381 දෙනෙකු ආරක්‍ෂණ ක්‍රමවේද ඔස්සේ කොළඹ වරායට ගොඩ බස්වා සිය මව රට බලා යැවීමේ අපේක්ෂාවෙනි.

එම සේවකයින්ට තම මව් රට බලා යෑමට අවශ්‍යය අනුමැතිය ලැබුණු පසු, සෞඛ්‍ය අමාත්‍යංශයේ  උපදෙස් පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රියාත්මක වන විධිමත් කෝවිඞ් නිරෝධායන ක්‍රමවේදයන්ට යටත්ව මෙම සේවක මණ්ඩල සෞඛ්‍යාරක්‍ෂිතව කොළඹ වරායට ගොඩ ගොඩ බැස්වීමට අපේක්‍ෂිත ය. එතැන් සිට ආරක්‍ෂාකාරි ප්‍රවාහන පහසුකම් යටතේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල කරා කැඳවාගෙන ගොස්, විශේෂ ගුවන්යානාවකින් මෙම කාර්ය මණ්ඩලය ඉන්දියාව වෙත පිටත් කරවීමට නියමිත ය.

Crown Princess ආයතනයේ දේශීය නියෝජිත Malship (Ceylon) Limited හි විධායක අධ්‍යක්‍ෂ නිමල් රංචිගොඩ මහතා පවසන පරිදි 2020.05.29 වැනි දින අපේක්‍ෂා කළ අයුරින් මෙම අතිරික්ත කාර්ය මණ්ඩලය ඉන්දියාව බලා පිටත් කර හැරීමට නොහැකි වූ බවයි.  වැඩි දුරටත්  අදහස් දැක් වූ නිමල් රංචිගොඩ මහතා, ඉන්දීය රජයේ අනුමැතිය ලද විගස සැලසුම් කළ ආකාරයට මෙම කාර්ය මණ්ඩලය ආරක්‍ෂාකාරී ලෙසින් පිටත් කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව පැවසී ය.

සේවක මහත්ම මහත්මීන් 2098 කින් සමන්විත Crown Princess නෞකාවේ ගමන් කටයුතු මාරාන්තික කොරෝනා තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා ඇති අතර, එම නෞකාවේ කාර්ය මණ්ඩලය මෙලෙස ආරක්‍ෂාකාරී ක්‍රමවේදයන් ඔස්සේ සිය මව්බිම් කරා යැවීමටක්‍රවුන් ප්‍රින්සස් කළමණාකාරීත්වය කටයුතු කරනු ලබයි.

Leave a Reply

*

four × 5 =