දෙවැනි එලිසබෙත් මහ රැජින සිහිපත් කිරීම

[අපගේ ලේඛනාගාරයෙන්] ඔටුනු පැළඳීමෙන් මාස පහකට පසුව, එනම් 1954 දී, දෙවන එලිසබෙත් මහ රැජින ශ්‍රී ලංකාවේ රාජකීය සංචාරයක නිරත විය. මෙය රාජකීය පවුලක සාමාජිකයෙකු ශ්‍රී ලංකාව තුල සිදුකල පළමු සංචාරය විය. ඇය සමඟ ඇගේ සැමියා වන පිලිප් කුමරු, එඩින්බරෝ ආදිපාදවරයා ද විය.

සංචාරයේ දසවන දින වැඩසටහනට කොළඹ හරහා රාජකීය පෙරහැරක් ඇතුළත් වූ අතර එහිදී ඇය ලංකාවේ දෙවන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය විවෘත කළාය. එසේම මහනුවරට දුම්රිය ගමනක් සහ අනුරාධපුරය, පොළොන්නරුව සහ නුවරඑළියට සංචාරයක්ද ඒ සදහා ඇතුළත් විය. එක්සත් රාජධානියේ සමාගමක් විසින් ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම ජල විදුලි ව්‍යාපෘතිය වන වික්ටෝරියා වේල්ල ඉදිකිරීම නැරඹීමට ඔවුන් 1981 දී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියහ.

අපගේ ලේඛනාගාරයෙන් ලබාගන්නා ලද ඉහත පලකර ඇති විශේෂාංග ඡායාරූපය 1954 අප්‍රේල් 10 වන දින දෙවන එලිසබෙත් මහ රැජින කොළඹ වරායට පැමිණි අවස්ථාවේ ගන්නා ලද්දකි.

පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල

  Share:

Leave a Reply

*

four + ten =