වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරන්න. – ජනපති පවසයි.

නවීන තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂම සේවාවක් ලබාදෙමින් වරාය මෙහෙයුම් සහ සේවා පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා වරාය කටයුතු කළ යුතු බව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) දින පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවති වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමිනි.

මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා කොළඹ වරාය ඇතුළු දිවයිනේ අනෙකුත් වරායන්හි වත්මන් තත්ත්වය සහ දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සවිස්තරාත්මක කරුණු දැක්වීමක් සිදු කළේය.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා; ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක; වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු රේඛීය ආයතන නිලධාරීහු  මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් එම රැස්වීම අතරතුර ලබාගත් ඡායාරූප පහත දැක්වේ.

පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල

  Share:

Leave a Reply

*

5 × two =