වරාය අධිකාරියට අභිමානවත් සේවාවක් කළ විශ්‍රාමික සේවක මහත්ම මහත්මීන් ඇගැයේ

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අභිමානවත් සේවාවක් ඉටුකරමින් විශ‍්‍රාම ගිය සේවක මහත්ම මහත්මීන් හට රන් තිළින ප‍්‍රදානය කිරීමේ උත්සවය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මහපොළ සමුද්‍රීය විද්‍යායතන පරිශ‍්‍රයේ දී අද (2019.03.14) දින පැවැත්විණි.

වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම තිලිණ ප‍්‍රදානෝත්සවයේ දී 2017.01.01 දින සිට 2017.09.30 දින දක්වා විශ‍්‍රාම ගන්නා ලද සේවක මහත්ම මහත්මීන් 140 දෙනෙකුට රන් ප‍්‍රදානය සිදු කෙරිණි.

වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා උත්සව සභාව අමතමින්.

මෙහි දී උත්සව සභාව ඇමැතූ වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය නම් වූ ආයතනයේ දියුණුවට කැප වූ පිරිසක් රනින් අගය කිරීමට ලැබීම පිළිබඳ බෙහෙවින් සතුට ට පත් වන බව පැවැසී ය.  සේවක කැපවීම ට සරිලන ප‍්‍රතිලාභ සේවක මහත්ම මහත්මීන් ට හිමිවිය යුතු සේම, සේවකයන්ගෙන් රට ට විය යුතු කාර්ය භාරයක් ද පවතින බවත්, ඒ සඳහා සියළු දෙනා නොපිරිහෙලා කටයුතු කළ යුතු බවත් පැවැසී ය.

තව ද මේ වන විට වරායේ ධාරිතාව උපරිම මට්ටම කරා පැමිණ ඇති හෙයින් ඉදිරියේ දී නැගෙනහිර පර්යන්තය පිළිබඳ හොඳ ස්ථාවරයක ට පැමිණිය හැකි බවත්, ඒ සඳහා වේගවත්ව ක‍්‍රියාත්මක වීමට බලාපොරොත්තු වන බවත් පැවැසී ය.

මෙම උත්සව සභාව ඇමැතූ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාවන් රත්නායක මහතා අදහස් දක්වමින් ලෝකයේ සමුද්‍ර ක්‍ෂේත‍්‍රයේ ජයග‍්‍රණ රැුසක් දිනා ගැනීමට පසුගිය කාලය තුළ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට හැකි වූ බවත්, සමුද්‍රීය කලාපයේ තරගකාරී වරායයන් අතර වැඩිම බහලූ මෙහෙයුම් වර්ධන අනුපාතය හිමි වරාය බවට පත් වීමට ද කොළඹ වරාය ට හැකි වූ බවත්, පසුගිය කාලය තුළ බහලූ මෙහෙයුම් ක්‍ෂේත‍්‍රයේ බහලූ මෙහෙයුම් මිලියන 7 සීමාව ඉක්මවීම ට ද වරාය සමත් වීම සේවක මහත් මහත්මීන් ලැබූ ජයග‍්‍රහණයක් බවත් පැවැසී ය.

රන් පවුම් ලාභි සේවක මහත්ම මහත්මීන් පිරිසක් වරාය, නාවික හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගෙන් රන් පවුම් ලබාගත් අවස්ථාව. වරාය අධිකාරියේ සභාපති කාවන් රත්නායක, කළමණාකාර අධ්‍යක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ, අධ්‍යක්‍ෂ (මානව සම්පත්) පී රණතුංග, ප‍්‍රධාන මානව සම්පත් කළමණාකරු නිර්මාල් ෆොන්සේකා යන මහත්වරුන් ඡායාරූපයේ වේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති කාවන් රත්නායක මහතා, තම සේවා ආයතනය වූ වරාය අධිකාරිය වෙනුවෙන් අනුපමේය සේවාවක් ඉටු කළ සේවක මහත්ම මහත්මින් හට මෙලෙස රන් තිළිණ ප‍්‍රදානය කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ තමා දැඩි සතුට ට පත්වන බවත්, වරාය නැංවීමට ඇප කැප වූ සියළු දෙනා හට තමාගේ ප‍්‍රණාමය හිමිවන බවත් පැවැසී ය.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මානව සම්පත් කොට්ඨාශය මගින් 35වැනි වරාය සංවත්සරයේ සිට අඛණ්ඩව සිදු කරන මෙම රන් තිළිණ ප‍්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට කළමණාකාර අධ්‍යක්‍ෂ කපිතාන් අතුල හේවාවිතාරණ, අධ්‍යක්‍ෂ (පිටත වරාය) අගිල් හේවාගීගන, අධක්‍ෂ (තොරතුරු පද්ධති) ආචාර්ය ප‍්‍රසන්න ලොකුගේ, අධ්‍යක්‍ෂ (මානව සම්පත්) පී රණතුංග, ප‍්‍රධාන මානව සම්පත් කළමණාකරු නිර්මාල් ෆොන්සේකා මහතා ඇතුළු කළමණාකාරීත්වයේ  උසස් නිළධාරීන්, සේවක මහත්ම මහත්මීන් රැසක් එක් වූහ.

Leave a Reply

*

19 − 14 =