කාන්තා දොඹකර ක‍්‍රියාකරවන්නියන් 2020 කාන්තා විශිෂ්ඨයන් 50 දෙනා අතරට

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන කාන්තා දොඹකර ක‍්‍රියාකරවන්නියන් 2020 කාන්තා විශිෂ්ඨයන් ලෙස සම්මානයට පාත්‍ර කරනු ලැබීය.

අන්තර් ජාතික මූල්‍ය සංස්ථාව (IFC) සහ ඕස්ටේ‍්‍රලියානු රජයේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුව (DFAT) දායකත්වය සමග කාන්තා කළමණාකරණ ආයතනය (Women In Management) විසින් 10 වැනි වරටත් සංවිධානය කරන ලද මෙම උළෙලේ දී ශ‍්‍රී ලාංකේය විද්වත් සහ වෘත්තීමය කාන්තාවන් අතරින් තෝරාගත් විශිෂ්ඨතමයන් 50 දෙනෙකු වෙත සම්මාන පිරිනැමීම පසුගියදා කොළඹ ශ‍්‍රැංගිලා හෝටලයේ දී සිදු කෙරුණි.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ බහලූ මෙහෙයුම් ක‍්‍රියාදාමයට නවමු සළකුනක් එක්කළ මෙම කාන්තා ග‍්‍රැන්ටි දොඹකර ක‍්‍රියා කරවන්නියන් මෙසේ ඇගැයුමට පාත‍්‍ර වූ දෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර NUSS (National Union of Seafarers Sri Lanka) සම්මානය උළෙලේ දී ද රන් තිළිණ හිමිකර ගනු ලැබීය.

රන් සම්මානයට පාත‍්‍ර වූ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කාන්තා දොඹකර ක‍්‍රියාකරවන්නියන් සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා සහ ප‍්‍රධාන නීති නිලධාරිනි අපර්ණා තිලකරත්න මහත්මිය සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව

Leave a Reply

*

5 + 18 =