මහපොළ අධ්‍යාපන ආයතනයේ සියලුම කටයුතු සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව සිදුවේ

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අනුබද්ධව ක්‍රියාත්මක වන මහපොල වරාය සහ සමුද්‍රීය අධ්‍යාපන ආයතනයේ සියලුම කටයුතු සෞඛ්‍ය උපදෙස් සහ නිර්දේශ නියමාකාරයෙන් පිළිපදිමින් සිදුවේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය සහ ඇයගේ කාර්යමණ්ඩලය මෙන්ම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය බලධාරීන් විසින් ඊයේ එහි කටයුතු නිරීක්ෂණය කරනු ලැබූහ.

ඇතැම් පාර්ශවයන් විසින් කරනු ලැබූ චෝදනාවල කිසිම සත්‍යතාවයක් නොමැති බවත්, මහපොල වරාය සහ සමුද්‍රීය අධ්‍යාපන ආයතනයේ කටයුතු මෙරට සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කොට ඇති සියලුම සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් ඒ ආකාරයෙන්ම අනුගමනය කරමින් ක්‍රියාත්මක වන බවත් එහිදී දැක ගැනීමට හැකිවිය.

මහපොල වරාය සහ සමුද්‍රීය අධ්‍යාපන ආයතනය විසින් මේ වන විට සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන්ගේ වෘත්තීය කුසලාතාවයන් වැඩි දියුණු කිරීම සඳහා අතවශ්‍යය පුහුණුවීම් කටයුතු පමණි. එම පුහුණු කටයුතු, ඒ සඳහා සහභාගී වන සියලුම සේවක සේවිකාවන්ගේ සම්පූර්ණ කැමත්ත මත සියලුම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් සිදුකරනු ලබයි.

පවතින තත්වය ගැන කරුණු දක්වමින්, කොවිඩ් 19 වෛරසය හේතුවෙන් උද්ගත වී ඇති අධි-වසංගත තත්වය හමුවේ සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමට මුල් තැන ලබාදීම තම ප්‍රමුඛ අරමුණ බව එම ආයතනයේ ප්‍රධාන පුහුණු කළමනාකරු සරත් දයානන්ද මහතා පැවසීය.

ප්‍රධාන සේයාරුව: ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සේවිකාවන්ගේ වෘත්තිමය කුසලතාවයන් ඉහළ නැංවීම සඳහා පවත්වනු ලබන පුහුණු වැඩසටහනකට ඊයේ එනම් ඔක්තෝම්බර් 19 වැනිදා සහභාගී වූ පිරිසක්

මහපොල වරාය සහ සමුද්‍රීය අධ්‍යාපන ආයතනය

Leave a Reply

*

9 + thirteen =