සුදම්මික වීරමන් මහතා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපතිවරයා ලෙස පත්වෙයි

විනීන්ද්‍ර සුදම්මික වීරමන් මහතා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උපසභාපතිවරයා ලෙස පසුගියාදා (2019.01.17) රාජකාරී ආරම්භ කළේ ය. බෞද්ධාගමික වතාවත්වලට මුල්තැන දී රාජකාරී ආරම්භ කල විනීන්ද්‍ර සුදම්මික වීරමන් මහතා වෘත්තියෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකි. ඔහුගේ නීතිඥ වෘත්තිය 1996 වර්ෂයේ දී ආරම්භ කෙරිණි. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උපසභාපති තනතුරට අමතරව, ශ‍්‍රී ලංකා නැව් සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද විනීන්ද්‍ර සුදම්මික වීරමන් මහතා කටයුතු කරනු ඇත.

පානදුර – ශ‍්‍රී සුමංගල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය නිමා කළ වීරමන් මහතා තම ද්විතීක අධ්‍යාපනය කොළඹ ඞී.එස්. සේනානායක විද්‍යාලයෙන් ලබා ගැණිනි.

1987-1999 දක්වා ගිණුම් ලිපිකරුවෙකු, විධායක නිලධාරියෙකු, සහකාර කළමණාකරුවෙකු ලෙස කටයුතු කොට ඇත. එසේම, 2013 සිට 2015 දක්වා අතර කාලයක් පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂවරයෙකු ලෙස ද කටයුතු කොට ඇත.

සේයාරුව: විනීන්ද්‍ර සුදම්මික වීරමන් මහතා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උපසභාපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කරමින්, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයිසා මහතා හා වැ.බ. ප‍්‍රධාන කළමණාකරු (පරිපාලන) නෙලූම් අනවරත්න මහත්මිය ද ඡුායාරූපයේ වෙත

Leave a Reply

*

eight + ten =